www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි සංවිධානයේ සංකේත සහිත ජී.පී.එස්. යන්ත්‍රයක් මුලතිව්වලින් හමුවේ


2019-11-01 07:16:12 -  900 යි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේත අංක සහිත එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ බවට සැක කරන ජී.පී.එස්. යන්ත්‍රයක් මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ගෙවත්තක තිබී හමුවී ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි.

මුලතිව් ආරක්ෂක අංශ පැවසුවේ ප්‍රදේශවාසියකු සිය ඉඩම සකස් කරන අවස්ථාවේ අදාළ ජී.පී.එස්. යන්ත්‍රය සොයාගෙන ඇති බවයි.

දෙමළ විමුක්ති කොටි යන්න කෙටියෙන් ත.වි.පු. (තමිල් විඩුතලෙයි පුලිකල්) යනුවෙන් සඳහන් කොට 055 අංකය සටහන් කොට ඇති ජී.පී.එස්. යන්ත්‍රයක් එලෙස හමුවී ඇති බව ආරක්ෂක අංශ පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com