www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුඩු පැකට් සමග ගන්දර පාසල් සිසුවිය අත්අඩංගුවට


2019-10-31 11:20:43 -  904 යි

14 හැවිරිදි පාසල් සිසුවියක් ළඟ හෙරොයින් පැකට්ටුවක් තිබීම හේතුවෙන් ඇය ගන්දර පොලිසිය විසින් 29 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබඳව දැනගත් පාසලේ ගුරුවරියක් සිසුවිය වෙනම ස්ථානයකට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය යම් දෙයක් තම මුඛයේ සඟවා ගැනීමට තැත්කර ඇති අතර ඒ අනුව ඇය ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 60 ක් ද, රුපියල් දහසක් ද සොයා ගෙන ඇත.

මෙම ශිෂ්‍යාව ඊයේ (30 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගන්දර වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලවත්ත මහතාගේ උපදෙස් පරිදි, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිි කාන්තා උප පොලිස් පරීක්ෂිකා ඉෂානි උත්පලා මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් (45534) අනුර, කාන්තා පොලිස් කොස්තාපල් (7813) දිල්හානි යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නිමල් හේමසිරි - රදම්පල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com