www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකිකයින් දෙපිරිසක් ගැටෙයි අයෙක් මරුට


2019-10-24 16:54:50 -  905 යි

දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පසුගිය 22 දා රාත්‍රියේ සැචියොන් හිදී මෙම ගැටුම සිදුව තිබේ. ගැටුමට සම්බන්ධ පිරිස දකුණු කොරියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගැටුමට සම්බන්ධ බොහෝ පිරිසක් වීසා කාලය ඉක්මවමින් දකුණු කොරියාවේ රැඳී සිටින අය බවටද වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com