www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරය සධාරණීකරණය කරමින් වීඩියෝවක් දාපු මෞලවි ඇපමත නිදහස්


2019-10-24 10:21:00 -  910 යි

පාස්කු ඉරිදා ප්‍රහාරය සධාරණීකරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝව ක් නිකුත් කළ වවුනියාවේ මුස්ලිම් මෞලවිවරයා වවුනියාව මහාධිකරණය මගින් 23 දා ඇපමත නිදහස් කොට තිබේ.

වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මෞලවිවරයා වන එම්. නවුමාන් නැමැත්තා බෝම්බ පිපිරීමේ සිද්ධියට පසුදිනයේදී එය සාධාරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සදහා අයි.එස්. අයි.එස්. අන්තවාදීන් සිදුකළ ප්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප්රණාමයද එම වීඩියෝව හරහා ප්රකාශ කළේය.

ආරක්ෂක අංශ මොහුව අත් අඩංගුවට  ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විදේශ රටකට පලා ගොස් සිටි අතර 2019 05 11 වෙනි දින ඔහු ශ්‍රී ලංකාවට පැමිණි  අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපලේදී ඔහුව අත් අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත්කොට තිබුණි.

මේ දක්වාම බන්ධනාගාරගත කොට සිටි ඔහු ඇප මත නිදහස් කරණ ලද අතර නොවැම්බර් 28 වෙනිදා එම සිද්ධියට අදාල නඩු විභාගය පැවැත්වේ.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com