www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වරමක් දෙනවා කියලා කාන්තාවක් දූෂණය කරපු යකැදුරා


2019-10-22 07:54:31 -  1596 යි

යකැදුරකු විසින්  කාන්තාවකට වරමක් හිමිව ඇතැයි පවසා එය සක්‍රීය කිරි්මේ මුවාවෙන් එම දුෂනයට ලක්කල යකැදුරකු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මතුගම පාන්තිය බිලින්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා භටයකු වන හතලිස් දෙහැවිරිදි යකැදුරකු වන වික්‍රමාරච්චි අතුකෝරලලාගේ අසංක උදයකර නැමැති අය මතුගම අතිරේක මහෙස්ත්‍රාත් ගිහාන් ජයවර්ධන මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි .

සැකකරු කලක සිට තමන් පදිංචි පාන්තියේ  යකැදුරකු ලෙස කටයුතු කර ඇති අතර ආසන්න නාරවිල පදිංචි කාන්තාවකට වරමක් හිමිව ඇතැයි සැකකාර යකැදුරා පවසා ඇත. ඒ අනුව යකැදුරු විසින් එම කාන්තාව ඔහුගේ ග්‍රහනයට නතුකර මෙම කාන්තාව හා එක්ව සිට ඇති බව පසුව අනාවරණයව ඇත. මේවනවිට අදාල කාන්තාව කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි .

කුමාර ගම්මැද්ද  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com