www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥාති දියණිය ගැබිනියක් කළ ෆාරුක් මාමා


2019-10-22 07:32:58 -  1580 යි

දාහතර හැවිරිදි ඥාති දියණියක හය මසක ගැබිනියක කළ 50 හැවිරිදි ෆාරුක් මාමා මෙම මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර නියෝග කළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ හැටන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි ආදම් මොහොමඩ් ෆාරුක් නමැති තිදරු පියෙකි.

මොහු ගම්පොළ කහටපිටිය සක්කරං කොටුව ප්‍රදේශයේ නිවසකට පැමිණ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දැරියට මෙම අතවරය සිදුකර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම පාසල් දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය ලොකු අම්මා හා ආච්චි සමග ජීවත්ව තිබේ.

සැකකරුගේ 26 හැවිරිදි වැඩිමහල් පුතුගේ අසනීප තත්ත්වයකට පේරාදෙණිය රෝහලේ වෛද්‍ය සායනයකට යාම සඳහා මසකට වරක් බගවන්තලාව නිවසේ සිට පැමිණ මොහුගේ මෙම ඥාති නිවසේ දින 2 ක් ගත කර ඖෂධ රැගෙන යාම සිදු කර ඇත.

එසේ පැමිණි එක් අවස්ථාවක නිවසේ සිටි දැරියගේ ආච්චි හා ලොකු අම්මා ගම්පොළ රෝහලට ගොස් ඇති බව දැන තම පුතු වෙනත් ඥාති නිවසකට දහවල් කෑමට යවා නිවසේ සිටි දැරිය රවටා මෙම පුද්ගලයා දැරියව වැසිකිළියට රැගෙන ගොස් අතවර කර ඇත.

එහිදී දැරිය කෑගසා තිබුණද වැසිකිළියේ දොර වසා තිබූ නිසා එය පිටතට නොඇසී ඇති බවද පසුව සැකකරු ඇගේ කට වසා තර්ජනය කළ බවද ඇගේ කට උත්තරයේ සඳහන් වේ.

දැරියද මේ සිද්ධිය කිසිවකුට පවසා නොතිබූ අතර සිද්ධියෙන් මාස 6 කට පසු විදේශගත ඇගේ මවද නිවසට පැමිණ ඇත.

තම දියණිය සුදුමැලි වී මහත් වී සිටින අයුරු දුටු මව ඇයට අසනීප තත්ත්වයක් ඇත්දැයි දැන ගැනීම සඳහා ගම්පොළ රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී සිදු කළ පරීක්ෂණවලදී ඇය මෙසේ ගැබිනියක වී ඇති බව හෙළි කරගෙන ඇත.

ඒ අනුව ගම්පොළ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com