www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මන්දකට හසු වු රිලවෙකු දැඩි ලෙස තුවාල ලබා වනජිවි කාර්යයාලය අසල සැරි සරයි, වනජිවි නිලධාරින් නිහඩයි


2019-10-18 16:05:21 -  1561 යි

නුවරඑලිය සිතාඑලිය කෝවිල අසල මන්දකට හසු වි කඩාගෙන විත් තුවාල ලබා සිටින රිලවෙකුට ප්‍රතිකාර කිරිමට වනජිවි නිලධාරින් මෙතෙක් ඉදිරිපත් වි නොමැති බව සිතා එලිය ප්‍රදේශයේ ජනතාව පවසයි.

මාස දෙකක පමණ කාලයක් මන්දකට හසු වි බේරි ඇති මෙම රිලවාගේ ශරිරය පුරා කම්බි එති ඇති බවත්ල එ තුලින් රිලවා දැඩි ලෙස තුවාල ලබා සිතා එලිය කෝවිල අසල සහ එ අසල රක්ෂිතයේ දැඩි වේදනාවින් යුතුව සිටින බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

සිතා එලිය කෝවිල ආසන්නයේම හග්ගල වනජිවි කාර්යයාලය පිහිටා ඇති බවත්ල එම කාර්යයාලයේ නිලධාරින්ට තුවාල ලබා සිටින රිලවා පිලිබදව අවස්තා කිහිපයකදි දැනුම් දුන්නත් ඔවුන් මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැති  බවයි හග්ගල ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මේ සම්බන්යෙන් අප හග්ගල වනජිවි කාර්යයාලයේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රිලවුන් 300 පමණ රංචුවක මන්දට හසු වු රිලවා සිටින බවයි.

තුවාල ලබා සිටින රිලවා නිරුපද්‍රිතව අල්ලා ගැනිමට අවස්තා කිහිපයකදි විවිධ උපක්‍රම යෙදුවද තුවාල ලබා සිටි රිලවා අල්ලා ගැනිමට නොහැකි වු බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

නිර්වින්දන වෛද්‍යයවරයෙකුගේ සහය ඇතිව මන්දට හසු වි තුවාල ලබා සිටින රිලවා අල්ලා ප්‍රතිකාර කිරිමට කටයුතු කර ඇති බවද වනජිවි නිලධාරියා කියා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com