සිය විවාහ සැමියා සහ සැමියාගේ අනියම් බිරිඳ පහර දී සපා කා තුවාල ලැබු කාන්තාවක් පෙරේදා 14 දා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතුළත් කර ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය පවසනවා.
මෙලෙස කෑගල්ල කෑගල්ල මහ රෝහලේ අංක 02 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කාන්තාවගේ සැමියා ප්‍රදේශයේ කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් කලක සිට පවත්වාගෙන යන අතර විවාහක බිරිඳ මේ සම්බන්ධයෙන් කලක සිට දැඩි කනගාටුවකින් පසු වෙමින් සිට ඇති බව පොලිසිය කියයි. පසුව මෙම කාන්තාව පෙරේදා (14 දා) අනියම් කාන්තාව සිය නිවසට ගෙන්වා සැමියා ඉදිරියේදී අනියම් සම්බන්ධතාවය පිළිබද විමසීමක් කර ඇති බව පැවසෙනවා. ඇය දෙදෙනා ඉදිරියේදී විමසීම් කරන අවස්ථාවේදී ජංගම දුරකථනය ඈතකින් තබා හොර රහසේ සැමියාට හා අනියම් කාන්තාව ඉදිරියේදී පටිගත කරන්නට සැලසුම් කර ඇති බව ද වාර්තා වෙයි.
පසුව මේ පටිගත කිරීම සම්බන්ධයෙන් කාන්තාවගේ විවාහක සැමියා දැක දුරකථනයට පහරදී බිරිඳට පහරදී ඇති බව පොලිසිය කියයි. පසුව සැමියාත් අනියම් බිරිඳත් කාන්තාවගේ වම් අත අල්ලාගෙන මැණික් කටුව අසල සපා කා ඇති බව ද වාර්තා වෙයි.
පසුව තුවාල ලැබු කාන්තාව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දැනට නේවාසිකව ප්‍රතිකාර ලබයි.
දමුණුපොළ චමින්ද ජයලත්