ප්‍රේම සම්බන්ධතාවයක් මුවාවෙන් හඳුනාගත් දහඅට හැවරදි තරුණියක් සමඟ අනිසි ලෙස ලිංගික හැසිරීමකින් පසු ජංගම දුරකතනයෙන් පටිගතකරගත් දර්ශණ වෙනත් දුරකතන වලට යවා සමාජගත කලේයැයි පවසමින් එම වින්දිත තරුණිය මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලිකර ඇත.
බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය සමඟ පේම සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමෙන් පසු ඇය මාතර ප්‍රදේශයේ ලැගුම්හලට මෙම පුද්ගලයා සමඟ හොර රහසේ පැමින තිබේ.
එම ලැගුම්හලේ කාමරයක් තුලදී දෙදෙනා අතර සිදුවූ ලිංගික හැසිරීම් මෙම පුද්ගලයා වීඩියෝ කර ඇති බවත් පසුව එය ඔහුගේ මිතුරන්ට සහ ඔවුන්ගේ ජංගම දුරකතනවලට යවා ඇතැයි මෙම පැමිනිල්ලේ සඳහන්.
එම චෝදනාවට අනුව සැකකර පුද්ගලවා අත්තඩංගුවට ගැනීමට මාතර පොලීසිය විමර්ශණ සිදුකරයි. මාතර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතාගේ මූලිකත්වයෙන් විමර්ෂණ සිදුකරයි.
උදය කුමාර රණවීර