www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විවාහයට කලින් ලිංගිකව එක්වීම තහනම්


2019-09-26 11:08:10 -  1586 යි

හර්ෂණී දිසානායක

ඉන්දුනීසියානු පාර්ලිමේන්තුවට නව අපරාධ නීති හඳුන්වා දීමට එරට රජය කටයුතු කළේය. මේ පනත තුළින් විවාහයට පෙර ලිංගිකව එක්වීම තහනම්ය. ඉන්දුනීසියානු රජය ගෙන එන්නට නියමිත වූ මෙම පනතට එරෙහිව පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණය කිරීමටත්, තවත් නගර කිහිපයකමත් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි. ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පනත මගින් නීතිවිරෝධී ගබ්සා කිරීම් තහනම් කර ඇති අතර එරට ජනාධිපතිවරයාට අපහාස කිරීම පවා නීතිවිරෝධී බවද වාර්තා වේ. කෙසේ වෙතත්, පනත ප්‍රමාද වී ඇති නමුත් විරෝධතාකරුවන් පවසන්නේ කවර හෝ අවස්ථාවක මෙය පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට උත්සහයක් ඇති බවයි.මේ ආකාරයට මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතේ විවාහයට පෙර ලිංගිකව හැසිරීම අපරාධයක් ලෙස සලකන අතර එයට වසරක සිරදඬුවමක් නියම කිරීමට හැකි බවත්, විවාහ නොවී එකට ජීවත් වුවහොත් මාස හයක සිරදඬුවම් නියම කළ හැකි බවත් සඳහන් වේ. ඒ අතර ජනාධිපති, උප ජනාධිපති, ආගම, රාජ්‍ය ආයතන, ධජය සහ ජාතික ගීය වැනි සංකේතවලට අපහාස කිරීම ද නීති විරෝධී වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com