තම දහනව හැවිරිදි බිරිය සමඟ පැවැත්වූ අඹු සැමි සබඳකම් වීඩියෝ කොට එය ඇගේ පියාට යවන බව තර්ජනය කරමින්, බිරියට පහරදී තුවාල කළ සැමියකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව මිරිහාන ළමා හා කාන්තා අංශයේ නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් යූ.කේ. පැල්පොළ මහතාට දැනුම් දුන්නේය.
තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම සිද්ධියේ සැකකරු වන අතර ඔහු මේ වන විට එකී සිද්ධියෙන් පසු ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බවද මිරිහාන පොලිසිය දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු දැක්වූ එකී කාර්යාංශය පවසන්නේ සැකකාර සැමියා ඉහත කී බිරියව 14 හැවිරිදි වියේදී ඇයගේ මවුපියන්ට හොරා රැගෙන ගොස් පසුව විවාහ කරගෙන ඇති බවත්ය.
එසේ රැගෙන ගිය ඇයට සැකකාර සැමියාගෙන් ඇතිවූ හිරිහැර නිසා මාස හතරකට පමණ පසු ඇය සිය මවුපියන් වෙත පැමිණ ඇති බවත් අනාවරණය වෙයි.
සැකකාර පුද්ගලයාගෙන් ඉවත්ව නිවෙසට පැමිණ ඇති එකී කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී ඇති සැකකාර සැමියා “උඹත් එක්ක මට අඹු-සැමියන් විදිහට හැසිරෙන්න ඕනා. ඒ නිසා මාත් එක්ක වරෙන්. ආවේ නැත්නම් උඹයි මමයි අඹු-සැමියන් විදිහට හැසිරුණු වීඩියෝ පටය උඹේ තාත්තාට පෙන්වනවා” යනුවෙන් තර්ජනය කර ඇති බවද අනාවරණය විය.
පසුව සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ ඇයව ප්‍රදේශයේ නවානැත්පළකට රැගෙන ගොස් ඇය හා අඹු-සැමියන් ලෙස හැසිරෙන අයුරු වීඩියෝ ගත කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇය ඊට විරෝධය පා
පලා යෑමට උත්සාහ කර ඇති බවත්, ඒ අවස්ථාවේ සැකකරු සිදුකළ පහරදීමකින් පසු ඇයගේ හිස අත්පා ඇතුළු ශරීරයේ ස්ථාන කීපයකට තුවාලවී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුව සැකකාර පුද්ගලයා ඇය ඔහුග් නිවෙසට රැගෙන ගිය අවස්ථාවේ සැකකරුගේ මවද ඇයට පහරදී තුවාල කර ඇති බවද මෙකී සිද්ධිය දැනගත් එකී කාන්තාවගේ පියා ඇයව ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවද අනාවරණය විය.
මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂිකා දිල්මි ඇතුළු පිරිසක් විසින් සිදුකළ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ මව මෙම 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධියේ ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියම කෙරිණි.
පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න මහතා (43661) පැමිණිල්ල මෙහෙයවීය.
කුමුදු උපුල්ශාන්ත