www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියක් ඇඳුම් මාරු කරන අයුරු රූගත කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට


2019-09-24 07:36:26 -  1499 යි

දහතුන් හැවිරිදි දැරියක් නාන කාමරයේ සිට ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගතකරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු  (23) වරාය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 
කොස්තාපල්වරයාගේ බිරිඳට අයත් වරාය පොලිස් වසමේ පිහිටි නිවසේ කොටසක් බදුදී ඇති අතර එහි මෙම දැරිය සහ ඇයගේ දෙමව්පියන් පදිංචිව සිට ඇත.
 
තම සොහොයුරිය නාන කාමරයේ ඇඳුම් මාරු කරන අයුරු වීඩියෝ කර ඇති බව දැනගැනීමෙන් පසු ඇයගේ සහෝදරයා විසින් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
 
ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයා හෙට (24) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com