www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බණ්ඩාරගම නිවෙසක අමුතු තාලේ යාඥාවක් හිමිනමක් මැදිහත්වී සැක පිරිසක් විසුරුවා හරී


2019-09-20 09:53:36 -  1525 යි

බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ නිවෙසක සැක කටයුතු ලෙස යාඥා කරමින් සිටි පිරිසක් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ හා ගම්වාසීන්ගේ විරෝධය මැද ඊයේ (18) සවස විසුරුවා හැරීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. කාන්තාවන් විශාල පිරිසක් සහ පිරීමින් කීපදෙනකු නිවෙසේ දොර වසාගෙන යාඥාවේ මෙහයවූ  පුද්ගලයා කෑකෝ ගසමින් හැසිරීම හේතුවෙන් ගම්වාසීන් ප්‍රදේශයේ මහා සංඝරත්නය දැනුම්වත් කිරිමෙන් පසු මෙම නිවෙස වැටලු බව කරමනාගල චිත්ත විවේකාරාමයේ වල්ගම චන්දරතන හිමියෝ පැවසූහ.

එම යාඥා මෙහෙය සඳහා සහභාගී වී සිටි පිරිස වෙනත් ආගමකට හැරවීමේ සැලැස්මක් මෙහි ක්‍රියාත්මක වූවාදැයි සැකයක් පවතින බව චන්දරතන හිමියෝ පැවසුහ.
කාන්තාවන්ට තියෙන ලද නිට්ටාවට සුව කරන දෙන බවත් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවන බවත් පවසමින් මෙම පිරිස යාඥා මෙහෙය සඳහා සහභාගී කරගෙන ඇතැයි එම පිරිසගෙන් ලබාගත් තොරතුරු අනුව හෙළිවූ බව පොලිසිය කියයි.  මෙම සිද්ධිය බණ්ඩාරගම පොලිසියට දැනුම්දීමෙන් පසු බණ්ඩාරගම පොලිසිය එම ස්ථානයට පැමිණ යාඥා කළ බව කියන පිරිස හමුවී තොරතුරු විමසා  ඇත.

යාඥාට සහභාගී වූ පිරිසෙන් පොලිසිය එම ස්ථානයේදීම ප්‍රකාශ ලබාගත් අතර එම  ස්ථානයෙන් වහාම ඉවත්  වන ලෙස පොලිසිය ඔවුන්ට දන්වා ඇත.  මෙම යාඥා මෙහෙය වූ බව කියන පුද්ගලයා සහ නිවෙස් හිමියන් කාන්තාව පොලිසියට කැඳවා මේ සම්බන්ධව සම්පූර්ණ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බවද බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක කේ.ඩබ්ලිව්.එල්. වික්‍රමරත්න මහතා කීය. ජනතා ප්‍රකෝපවන ආකාරයේ කිසිඳු ක්‍රියාවලියක් නොකරන ලෙස ඔවුන්ට අවවාද කළ බවද පොලිසිය කියයි.


-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com