www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුබසාධක නිලධාරීන්ට පෙන්වන්න එළදෙන පාටකරලා


2019-09-19 11:18:52 -  1763 යි

(මාවතගම - කාංචනමාලා බණ්ඩාර)

තමාට සුබසාධක සංගමයෙන් දුන් එළදෙන විකුණා තිබියදී එළදෙන පිළිබඳ පසු විපරමට පැමිණි පුද්ගලයන්ට පාට කළ එළදෙනක පෙන්නූ පුද්ගලයකු පිළිබඳ සත්‍ය සිදුවීමක් මාවතගම ගම්මානයකින් වාර්තා විය.

සිද්ධිය මෙසේය. නගරයට නුදුරු එක්තරා කාර්යාලයක සුබසාධක සංගමය මගින් එම කාර්යාලයේ සේවක මණ්ඩලයට කිරි එළදෙනුන් සපයා දෙනු ලැබූවේ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමටය. වෙසක් පෝදා කිරි එළදෙන බාරදීමේදී එළදෙනගේ ඡායාරූපය සහිත විස්තර පොතක්ද ලබා දී තිබිණි. විකිධෑම තහනම් කියා ද එහි සඳහන්ව තිබිණි. මාස කීපයක් ගතවිය. ඔහුට මුදල් අගහිඟ වුණේ බීමත්කම වැඩි නිසාමය. ඔහු එළදෙන විකුණා මුදල් ලබා ගත්තේය. දින කීපයකට පසු සුබසාධක නිලධාරීන් බෙදා දුන් එළදෙනුන් පිළිබඳ පසුවිපරමක් කිරීම සඳහා පැමිණෙන බව දැන්වීමත් සමඟ මෙම පුද්ගලයා කලබලයට පත්විය.

වහාම එළදෙන ලබාදුන් දිනයේ තමා වෙත දුන් පොත සිහිපත් විය. ඔහු එම පොතේ පිටකවරයේ ඇති විකුණූ එළදෙනගේ රුවට සමාන එළදෙනකු සොයා ඇවිද්දේය. අවසානයේ එළදෙනක හමු වුවත් මුහුණහි තිබූ සුදු සඳක අඩුව ඔහු දුටුවේය. සුදු සායම් ටින් එකක් මිලට ගත් මේ පුද්ගලයා විකුණූ එළදෙනගේ මුහුණට සමාන ලෙස ඉල්ලාගත් එළදෙනගේ මූණෙහිද සුදු සඳක් ඇඳ පාට කළේය. පසුදා සුබසාධක සංගමයේ නිලධාරීහු පැමිණියහ. පාට කළ මුහුණ ගැන හෙළිවේ යැයි සිතූ මේ පුද්ගලයා එළදෙන නිවස අසල කටු ගාලක් මැද ගසක ගැටගැසුවේ කිසිවකුට එළදෙන අසලට යා නොහැකි වන අයුරිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com