www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැකිරාවේ 18 අඩු ළමයි ලැඟුම්හල්වලට යනවා, අඩු මුදලට කුඩු බිස්නසුත් කරනවා


2019-09-17 12:51:07 -  1575 යි

වයස අවුරුදු 18 ට අඩු පන්ති යන පාසැල් දරුවන් බොහෝ පිරිසක් කැකිරාවේ ලැගුම්හල් වලට යනව. ඒ නිසා කැකිරාවේ දරුවෝ බේරාගන්න වහාම පියවරක් ගත යුතුයි. යැයි කැකිරාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධනුෂ්ක මදනායක මහතා කැකිරාව ප්‍රාදේශීය සභාවේ අගොස්තු මාසික රැස්වීමේදී අනාවරණය කලේය.

ළමයින්ගේ ජීවිත විනාශ කරන්න අඩු මුදලට ළමයින්ට කාමර දෙනවා. අඩු මුදලට කුඩු බිස්නසුත් කරනවා. මෙයින් කැකිරාවේ දරුවෝ විනාශ වෙනවා. ඉරිදා උදේ වරුවේ කැකිරාවේ පන්ති තියන්න බැහැ කියලා සභාවේ ඒකමතිකව සම්මත උනා. ⁣ඒත් පොඩි දරුවන්ට තවමත් පන්ති තියනවා. මේ ගුරුවරුන්ට පියවරක් ගන්න මව්පියන් ගොඩක් අසරණ වෙනවා. යැයිද මදනායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙහිදී පිළිතුරු දුන් කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති ( ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ) සම්පත් අනුර බණ්ඩාර හේරත් මහතා , දරුවන් බේරා ගන්න ඔනෑ. දරුවන් ගැන මවිපියන් සොයා බලනවානම් ප්‍රශ්නයක් නැ. ප්‍රාදේශීය සභාවෙන් දැනුවත් කරමු පැවසීය.

මැදවච්චිය - සරත්චන්ද්‍ර වික්‍රමසිංහ 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com