www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තල්දෙන පන්සලෙන් ජලයේ පාවෙන ගලක් හමුවෙලා, ඉමක් කොනක් නොපෙනෙන විශාල උමගක්


2019-09-05 12:08:22 -  1532 යි

බදුලු ඔයේ දිය නෑමට ගොස් ආපසු වැඩම කරමින් සිටි තල්දෙන ශ්‍රී  බෝධිරාජාරාම  විහාරස්ථානයේ වැඩවසන සාමනේර ස්වාමීන්වහන්සේලා පරිසකට පන්සල් වත්තට යාබදව පිහිටි ඔය ඉවුරේ තිබී සැහැල්ලු බරකින් යුත් විශාල ගල් ගෙඩියක් හමුවී තිබේ.

සැහැල්ලු බරකින් යුත්  විශාල  ගල් ගෙඩියක්  වන මෙය ජලයේ පාවෙන බව තල්දෙන ශ්‍රී   බෝධිරාජාරාම   විහාරාධිපති තල්දෙන  ධම්මවංස හිමියෝ පැවැසූහ.

මතුපිට කඩතොලු සහිතල කලු පැහැයෙන් යුත් මෙම ගල කිලෝග්‍රෑම්   දෙකක පමණ බරින් යුතු බවද විහාරාධිපති හිමියෝ පවසති.

ගලෙහි ප්‍රමාණයට සරිලන බරකින් යුක්ත නොවීම නිසා කුඩා සාමණේර හිමිවරු පිරිසක් ගල රැගෙන   විහාරස්ථානය අසල පිහිටි පොකුණට දමා ඇති අතර  එම ගල   ජලය මත පා වෙන්නට පටන් ගෙන ඇත.

ජලයේ පාවෙන මෙම අපූරු ගල   දැක බලා ගැනීම සඳහා ප්‍රදේශයේ දායක දායිකාවෝ අද (05) උදෑසන සිට විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇතැයි ද නායක හිමියෝ පැවසූහ.

මෙය කුමන වර්ගයේ ගලක් දැයි තමුන් හරිහැටි  නොදන්නා නමුත් මෙහි කිසියම් අපූර්වත්වයක් ගැබ්වී ඇති බව තමුන්ට හැගී යන බවද  ඒ සම්බන්ධයෙන්යෙන් කිසියම්   පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඊට සහාය දක්වන බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම   විහාරස්ථානය පිහිටි ස්ථානයේ මීට වසර දෙකකට පමණ පෙරද  ඉමක් කොනක් නොපෙනෙන  විශාල උමගක් මතු වූ බවත් විහාරසථෘනය පිහිටි ප්‍රදේශයේ අතීත  රජ මාළිගාවක් තිබූ බව ජනප්‍රවාදවල සඳහන්ව ඇති බවත්  විහාරාධිපති හිමියෝ  වැඩිදුරටත් පැවසූහ.

මීගහකිවුල රුවන්  කුමාර 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com