පස් ව්‍යාපාරිකයකු ඔහුගේ රියැදුරු සමඟම ම්ලේච්ඡ අන්දමින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ ඉකුත් 25 වැනි දින රාත්‍රියේය.
හංවැල්ල, පහත්ගම, ප්‍රදේශයම භීතියෙන් ඇලලී ගිය මෙම ද්විත්ව ඝාතනය සඳහා නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පැමිණ තිබුණේය.
"සුමේධ" නමින් කවුරුත් හඳුන්වන පස් ව්‍යාපාරිකයා දැනට ජීවත් වන කුලී නිවෙස ඉදිරිපිට දී පාතාලය විසින් මෙම අපරාධය සිදු කළහ.
වසර ගණනාවක සිට රැකියාව ලෙස පස් වෙළෙදාම සිදු කරමින් සිටි සුමේධ එය මේ වන විට මහ පරිමාණ මට්ටමින් සිදුකරමින් සිටියේය.
කොළඹ - නුවර අධිවේගී මාර්ගය ඇතුළු විශාල ව්‍යාපෘති සඳහාද සුමේධ පස් සපයනු ලැබුවේය.
පස් වෙළෙ¼දාම හරියට දැළි පිහියෙන් කිරි පැණි කනවා වැනිය. ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගෙන පමණක් පස් වෙළෙදාම නිසා ජීවිත රැසක් මේ වන විට බිලිගෙන හමාරය. ගම්පහ පස් ගැටුම තවමත් නිමා වී නොමැති අතර සුමේධද ඝාතනය වූයේ එකී පස් වෙළෙදාම නිසා බවට පොලිස් කණ්ඩායම්වල සැක පළ වන්නේය.
පස් වෙළෙ¼දාම සහ පාතාල සැලකෙන්නේ එකම කාසියක දෙපැත්ත සේය.
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ සුමේධ විසින් සුවිසල් මන්දිරයක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ මීට මාස කිහිපයකට ඉහතදීය.
සුමේධ ලෙස ඔහුව හැඳින්වුවද ඔහුගේ උප්පැන්නයේ නම සඳහන් වන්නේ "වාද්දුවගේ විජිත ප්‍රේමලාල්" ලෙසය. 42 හැවිරිදි වියෙහි පසුවන ඔහු තිදරු පියෙකි.
පළමු කසාදයෙන් වෙන් වී දෙවැනි කසාද බිරිය සමඟ ජීවත් වන සුමේධටද ඝාතන චෝදනාවක් නැඟෙන්නේ 2014 වර්ෂයේදීය.
ඒ ඔහුගේම රියැදුරුව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළවය.
එම ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තවත් දෙදෙනකු සමඟ බන්ධනාගාර ගත වන සුමේධ පසුව ඇප මත නිදහස් වන්නේය. ඊට අදාළ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
ඉදිකෙරෙමින් පවතින නව දෙමහල් නිවෙසේ කටයුතුද ඉදිරි දිනවල අවසන් කිරීමට සුමේධ සැලසුම් කර සිටියේය. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු සුමේධ 25 වැනි දින රාත්‍රියේද නව නිවෙසේ කටයුතු සොයා බැලීම සඳහා සිය රියැදුරු සමඟ ගොස් සිටියේය.
ඊට නුදුරින් කුලියට ගත් නිවෙසක සුමේධ ජීවත්ව සිටින අතර එදින රාත්‍රි 9.20ට පමණ නාඳුනන තුවක්කුකරුවෝ දෙදෙනකු එහි ෙදාරගුළු බිඳ දමා නිවෙසට ඇතුළු වූහ.
ඒ මොහොතේ නිවෙසේ රැඳී සිටියේ සුමේධගේ බිරිය, බිරියගේ මව, බිරියගේ සහෝදරයා සහ ඔවුනගේ දරුවන්ය.
"සුමේධ කියන්නේ කවුද කියපං" අවි දරා සිටි පාතාලකරුවන් දෙදෙනා සුමේධගේ බිරියගෙන් විමසුවේය.
නිවැසියන් සියල්ලෝම නිරුත්තර වූහ. ඒ අතර එක් සැකකරුවකු ඊමෝ තාක්ෂණය හරහා තවත් අයකුව වීඩියෝ ඇමතුමක් ලබා ගත්තේය.
ඔහු ඉමෝ හරහා සම්බන්ධ වී සිටින තැනැත්තාට සුමේධගේ මස්සිනාව පෙන්නුවේය.
"මූද සුමේධ කියන්නේ"
"නැහැ" මූ නෙවේ. සුමේධ කියන්නේ"
ඉන් අනතුරුව නිවෙසේ තිබූ පින්තුරයක් ඇමැතුමේ සිටින තැනැත්තාට පාතාලකරු විසින් ද පෙන්විය. එම පින්තූරයේ සිටින්නා සුමේධ බව ඇමතුමේ රැඳී සිටින්නා විසින් තහවුරු කළේය.
"උෟ ගෙදර නැහැ" පාතාලකරු මුළු නිවෙසම පරීක්ෂා කර ඇමැතුමේ සිටින තැනැත්තාට සැල කළේය.
"උෟව ඉන්න තැනකින් ගෙන්න පං" ඉමෝ ඇමැතුම විසන්ධි විය.
ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් දරා ගත් පාතාලකරුවන් දෙදෙනා නිවැසියන් සියලු දෙනාව බිම දණ ගැස්වීය.
"සුමේධට ඉන්න තැනකින් එන්න කියපං" උඹේ
ළමයාට සනීප නැහැ කියපන්."
පාතාලකරුගේ තර්ජනය හමුවේ බියට පත්ව සිටි සුමේධගේ බිරිය ඔහුට ඇමැතුමක් ලබා ගත්තාය.
"අනේ ළමයාට සනීප නැහැ ඉක්මනට ගෙදර එන්න" පාතාලකරු ඇයගේ හිසට පිස්තෝලයක් දික් කරගෙනය.
"ඔයා ඉක්මනට ත්‍රීවීල් එකක් අරගෙන යන්න. සුමේධ පැවැසීය.
"බැහැ ඔයාම එන්න" ඇය පැවැසුවාය.
ඒත් සමඟම ටී 56 ගිනි අවිය දරා සිටි පාතාලකරු නිවෙසේ ඉදිරියට ගිය අතර පිස්තෝලකරු නිවෙසියන්ව දණ ගස්වාගෙන ඔහුගේ අණට කීකරු කර ගනිමින් සිටියේය.
සුමේධද තකහනියේ සිය දරුවාව රෝහලක් වෙත රැගෙන යෑමේ අදිටනින් කුලී නිවෙස කරා යෑමට පිටත් වූයේය.
සිය රියැදුරා වන රවිඳු ලක්ෂාන් තරුණයාටද කතා කර ගත් සුමේධ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක නැඟී කුලී නිවෙස බලා යෑමට පිටත් විය.
රවිඳු ලක්ෂාන් යතුරුපැදිය ධාවනය කළ අතර සුමේධ එහි පිටුපස අසුන්ගෙන පැමිණියේය.
ඔවුන් යතුරුපැදියෙන් බසිනවාත් සමඟම පාතාලකරුවෝ දෙදෙනා සිය ගිනි අවි ක්‍රියාත්මක කළහ.
කරුවලේ සුමේධව හඳුනා ගැනීමට නොහැකි වූ ඔවුන් යතුරුපැදියෙන් බැසගත් දෙදෙනාවම සිය ඉලක්කය කර ගත්හ.
නිවැසියන්ගේ අඳෝනාව මැද පාතාලකරුවෝ දෙදෙනා යතුරුපැදියක නැඟී එම ස්ථානයෙන්
පලා ගියහ.
වෙඩික්කරුවන් වෙඩි තැබීම් 12ක් සිදුකර තිබිණි.
සුමේධසේම ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ 22 හැවිරිදි රවිඳු ලක්ෂාන්ද එම ස්ථානයේම
ජීවිතක්ෂයට පත්විය. රවිඳු පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කරන ලදී.
ඝාතන කොන්ත්‍රාත්තුවකට මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශන කණ්ඩායම් ප්‍රථමව අනාවරණය කර ගත්හ.
සුමේධව නැසීමේ අරමුණින් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇත්තේ අංගොඩ ලොක්කා විසින් බවද පොලිස් කණ්ඩායම් අනාවරණය කර ගැනීමට සමත් විය.
දැනට ඉන්දියාවේ සැඟවී සිටින අංගොඩ ලොක්කා ගත වූ මාස කිහිපය තුළ මෙහෙයවා සිදුකළ සිවුවැනි ඝාතන සැලසුමද මෙයය.
මුල්ලේරියාව, ගොතටුව, වැල්ලම්පිටිය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පසුගිය කාලසීමාවේ සිදුවූ සෑම මනුෂ්‍ය ඝාතනයක්ම සිදුකළේ අංගොඩ ලොක්කාගේ මෙහෙයවීම මතය.
තමාගේ ප්‍රතිවාදියකු වූ රණාලේ සමයංගේ කල්ලිය ඝාතනය කිරීම ප්‍රධාන අරමුණ වී සිටින අංගොඩ ලොක්කා මේ වන විට මාකඳුරේ
මධුෂ් නැති අඩුවද පුරවමින් සිටී.
මධුෂ්ගේද ගජ මිතුරකු වන අංගොඩ ලොක්කා ඉන්දියාවට පලා ගියේ 2017 පෙබරවාරි 27 වැනි දින කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රණාලේ සමයං ඇතුළු ඔහුගේ සඟයන් හතර දෙනකු එලොව යවමිනි.
මෙරට සිදුකර ඇති බිහිසුණු ඝාතනයන්ගෙන් එකක් වන කළුතර එතනමඩල ඝාතනයටද නායකත්වය දුන්නේ අංගොඩ ලොක්කා විසිනි.
පාතාල කිරුළ දිනා ගැනීම සඳහා අභියෝගයක්ව සිටි රණාලේ සමයං අතිම්ලේච්ඡ අයුරින් ඝාතනය කළ ලොක්කා මධුෂ්ගේ ආධාර ඇතිව ඉන්දියාවට පලා ගියේය. ඒ සිය දකුණු අත වන අතුරුගිරියේ ලැඩියා සමඟය.
අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලැඩියා ඉන්දියාවේදී එරට ආගමන විගමන නීතිය
උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔවුන් එරට රැඳවුම් බාරයෙන් ද පලා ගියහ.
ඩුබායි ජීවත් වූ මධුෂ් අසලට පලා යෑමට උත්සාහ ගැනීමේදී ලොක්කාව සහ ලැඩියාව එලෙස අත්අඩංගුවට ගනු ලැබීය.
ඉන්දියාවට වී නිදැල්ලේ සිටින අංගොඩ ලොක්කා එරට රැඳවුම් භාරයෙන් පලා ගිය දින සිට මේ දක්වා කප්පම් ගැනීම්, ඝාතන කොන්ත්‍රාත් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් සිටී.
ඔහුගේ නායකයා වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත් වීමත් සමඟ අංගොඩ ලොක්කා සිය පාතාල බල පරාක්‍රමය දිගින් දිගටම පෙන්වමින් සිටී.
ඊට ලොක්කා සැඟවුණ වෙඩික්කරුවන් දෙදෙනකු භාවිත කරයි.
අංගොඩ ලොක්කා කරගෙන යන අයිස් ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත ගොතටුව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසක රැඳී සිටි පොට්ට ඩගා ඝාතනය කිරීමටද ලොක්කා විසින් යොදාගනු ලැබුවේ මෙම වෙඩික්කරුවන් දෙදෙනාය.
මුල්ලේරියාව ප්‍රදේශයේ රැඳී සිටි රණාලේ සමයංගේ ගෝලයකු වූ කොණ්ඩ තාරක පරෙයි කඩයක් අසල ඝාතනය කිරීමට අංගොඩ ලොක්කා එවන ලද්දේ මෙම සැඟවුණු වෙඩික්කරුවන් දෙදෙනාය.
ගල්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි උත්සව භාණ්ඩ ලබාදීමේ කටයුත්තක නිරත වී සිටි ව්‍යාපාරිකයකුද ලොක්කාගේ අණින් ඝාතනය කිරීම සඳහා පැමිණියේද මෙම වෙඩික්කරුවන් දෙදෙනාය.
මෙම ඝාතනයන් සියල්ල එකම ආකාරයකට සිදුව ඇති අතර සියලු වෙඩි තැබීම් සඳහා වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ යතුරුපැදියක නැඟීය.
ප්‍රදේශවල අතුරුපාරවල් ගැන පවා හොඳ දැනුමක් ඇති මෙම දෙදෙනාම දක්ෂ වෙඩික්කරුවන් විය යුතු බවද පොලිසියේ අදහසවේ.
අංගොඩ ලොක්කාට හිසරදයක් වන ඕනෑම අයකු ඔහු විසින් භාර දෙන්නේ මෙම සැඟවුණු වෙඩික්කරුවන් දෙදෙනාටය.
සුමේධගේ මාරයා ලෙසද අංගොඩ ලොක්කා එවීමට තීරණය කළේද ඔවුන් දෙදෙනාය.
මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම, කොන්ත්‍රාත්, මුදලට මිනී මැරීම ඇරුණහම අංගොඩ ලොක්කාගේ තවත් ව්‍යාපාරයක් වන්නේ පස් වෙළෙ¼දාමය.
සුමේධද පස් වෙළෙ¼දාමේ හිණිපෙත්තටම ගිය අයකු නිසා රජයෙන් සහ පෞද්ගලික අංශයෙන් සිදු කෙරෙන විශාල ව්‍යාපෘති සඳහා පස් සැපයීමේ කොන්ත්‍රාත් ඔහුට හිමිවේ.
එම පස් ටෙන්ඩර්වලට අංගොඩ ලොක්කාද තරග වදී. මේ දිනවල පෑලියගොඩ ඉදිවන එළවළු අලෙවි සලෙහි පස් ටෙන්ඩරය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කා සහ සුමේධ අතර සීතල යුද්ධයක් තිබී ඇත.
අංගොඩ ලොක්කාගේ කීමට ලොක්කාට අයත් අතුරුගිරියේ පිහිටි ඉඩමකට පස් පුරවා දෙන ලෙසටද ලොක්කා සුමේධට පවසා තිබුණේය.
නමුත් සුමේධගේ පස් ටිපර් රථයක් අතුරුගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට පත්වීමත් සමඟ සුමේධ ලොක්කාගේ ඉඩමේ පස් පිරවීමේ කටයුතු අතරමඟ නතර කර ඇති බවටද පැවැසේ.
මෙම ආසන්නතම සිද්ධීන් සමඟ ලොක්කා සුමේධ සමඟ දැඩි වෛරයක් ඇති කර ගත්තේය.
තමාගේ සමීපතමයකු වන අංගොඩ ප්‍රදේශයේ පදිංචි අජිත් ප්‍රේමලාල්ට (38) ලොක්කා විසින් මෙම ඝාතන සැලසුම පිළිබඳ වයිබර් සහ ඉමෝ තාක්ෂණය හරහා අවස්ථා කිහිපයකදී දැනුවත් කළේය.
ලොක්කාගේ උපදෙස් මත ප්‍රථමව අජිත් කරනුයේ ඔහුගේ සගයකු වන කොළොන්නාව සාලමුල්ලේ පදිංචි චම්පි වරුණ කුමාර (32) නොහොත් චම්පි හරහා සිම්පතක් සහ ජංගම දුරකථනයක් මිලදී ගැනීමය.
චම්පි විසින් වලල්ලාවිට ප්‍රදේශයේ තරුණයකුගේ ජාතික හැඳුනුම්පතකට සිම්පතක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ සන්නිවේදන ආයතනයකින් මිලට ගත්තේය. එම සිම්පත චම්පි පසුව අජිත්ට ලබාදුන්නේය.
එම සිම්පත භාවිත කොට අජිත් විසින් සුමේධ ඝාතනය කළ දින උදෑසන සුමේධට ඇමතුමක් ලබාගත්තේය.
“උඹ පස් වැඩේ නතර කළේ නැත්නම් උඹව මරනවා” සුමේධට ප්‍රථම නිර්නාමික ඇමතුම ලැබිණි.
එදින උදෑසන මෙලෙස තර්ජනාත්මක ඇමතුම් තුනක් සුමේධට ලැබිණි.
ලද සියලු ඇමතුම්වල ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වරදට අංගොඩ ලොක්කා විසින් එදින රාත්‍රිය අවසන් වීමට ප්‍රථමව සුමේධව මාරයා අසලට යැවීමට තීරණය කළේය.
ඊට ලොක්කා එදින රාත්‍රියේ සිය සැඟවුණු වෙඩික්කරුවන් දෙදෙනා භාවිත කළේය.
මීට අදාළ විමර්ශන ආරම්භ වී හෝරා කිහිපයක් තුළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර හට සුමේධට ඇමතුම ලබාගත් සිම්පත පිළිබඳ තොරතුරු ලැබිණි.
සිම්පත මිලදී ගත් චම්පි නමැත්තාව ඒ අනුව මුල්ලේරියාව මානසික රෝහල ආසන්නයේදී එම කොට්ඨාසයේ නිලධාරීහු විසින් ප්‍රථමව අත්අඩංගුවට ගත්හ.
ඔහුගේ නිවෙසේ සඟවා තිබූ සිම්පත ලබා ගැනීමට යොදාගත් වලල්ලාවිට තරුණයාගේ ජාතික හැඳුනුම්පතද සොයාගත්හ.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත අජිත් නමැත්තාවද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.
මරණ තර්ජනය සිදුකිරීම සහ ඝාතන සිද්ධියට අදාළ කටයුතුවලට යොදාගත් දුරකථනය, සිම්පත සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210ක් ඔහුගේ නිවෙසේ සඟවා තිබී එම පොලිස් නිලධාරීහු විසින් සොයා ගත්හ.
එසේම මෙම ඝාතන සැලසුමට ආධාර අනුබල දුන් මුල්ලේරියාව රජයේ නිවාස ප්‍රදේශයේ පදිංචි ගයාන් දර්ශන (30) යන අයද අත්අඩංගුවට පත් විය.
තමාගේ ගෝලබාලයන් තිදෙනකු අත්අඩංගුවට පත් වූ පුවත අංගොඩ ලොක්කාගේ කනට වැටීමත් සමඟ ලොක්කා විසින් මෙහි විමර්ශන නිලධාරියකුට ඇමතුමක් ලබාගත්තේය. ඒ ඉකුත් 28 වැනිදාය.
“සර් මේ වැඩේ කෙරෙව්වේ මමයි. සර්ලා ඇයි මගේ කොල්ලන්ට කරදර කරන්නේ. මේ වැඩේ කරපු උන් දෙන්නා අහක ඉන්නේ. මම උන් දෙන්නව සර්ලාට භාර කරන්නම්”
මෙම ඇමතුමද සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා විසින් පොලිස් පොත්වල සටහන්ද දැමුවේය.
බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි විදුර පී. ජයසිංහ, සහකාර පොලිස් අධිකාරි රොහාන් පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ ඍජු
අධීක්ෂණය මත බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, බණ්ඩාර, වන්නිනායක, සැරයන් මෙන්ඩිස් (20553), අතුල (16053), සුනිල් (56951), ප්‍රසන්න (56958), කීරගල (33118), ප්‍රසන්න (40248), දයාරත්න (61108), කොස්තාපල්වරුන් වන ලලන්ත (72338), චමින්ද (72969), ගිහාන් (72989), අමිල (72688), සමීර (81600), කුමාර (84762), ප්‍රේමදාස (84416), නුවන් (13177) ඇතුළු කණ්ඩායම මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.
පොලිස් වාර්තා අනුව අංගොඩ ලොක්කාගේ පස් ව්‍යාපාරය නිසා බිලිගත් දෙවැනි ඝාතන සිද්ධිය වන්නේ පස් ව්‍යාපාරික සුමේධ සහ ඔහුගේ රියැදුරු ඝාතනය ය.
පස් ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත අංගොඩ ලොක්කා විසින් ප්‍රථම බිල්ල ගනු ලැබුවේ 2016 වසරේදීය.
පස් ව්‍යාපාරිකයකු වූ රනිල් රම්‍යජිත් ඇලෙක්ස්සැන්ඩර් නමැති අය ගොඩ කෙරෙන පෙතියාගොඩ ප්‍රදේශයේ ඉඩමක් තුළම අවසන් ගමන් යැවීමට ලොක්කා කටයුතු කළේය.
පස් පාතාලයේ ඊළඟ බිල්ල සිදුවීමට ප්‍රථමව විදෙස් රටවල ක්‍රියාත්මක පාතාල නායකයන්ගේ මෙරට සැඟවුණු වෙඩික්කරුවන් නීතියේ රැහැනට කඩිනමින් ගැනීම පොලිසියේ ඊළඟ විශාලතම අභියෝගය වනු ඇත.
චාමර අමරසූරිය