www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හය හැවිරිදි දැරියට අතවර කළ සැකකරු අත්අඩංගුවට; අපයෝජනයට ලක්වූ දැරිය සිහිසුන්වෙයි!


2019-08-28 08:06:07 -  1579 යි

මන්මුනයිපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරාන්කුලම් ප‍්‍රදේශයේදී අවුරුදු 06 ක දැරියක අපයෝජනයට ලක් කළ පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 
 පසුගිය සෙනසුරාදා කිරාන්කුලම් මුහුදු වෙරළේදී මෙම සිද්ධිය සිදු වී ඇති බව වාර්තා වේ. තම මිනිපිරිය සම`ග මෙම දැරියද කැටුව සැකකරු මුහුදු වෙරළට ගොස් ඇති අතර එහිදී දැරිය සැකකරු අතින් අපයෝජනයට ලක් වී ඇත.
 
 අපයෝජනයට ලක් වූ දැරිය සිහිසුන් වී ඇති අතර ප‍්‍රදේශයේ තරුණයන් විසින් ඇය ආරයම්පදි රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු කාත්තන්කුඩි පොලිසියට භාරදී ඇති අතර සිද්ධිය පිළිබඳව කාත්තන්කුඩි පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

 Â© 2014 by www.eethalayanews.com