බිරිඳගේ මිතුරියට අතවර කළ එක්දරු පියා අත්අඩංගුවට 60,000 ක් වටිනා මාලය ද කඩාගෙන
|

2019-08-28 07:58:20
- 1275
යි
අරලගංවිල පොලිස් වසමේදී මහ දවල් තරුණියක කැලෑවකට ඇදගෙන ගොස් දෑත් බැඳ, කටේ රෙදි පාන්කඩ ඔබා ලිංගික අතවරයක් කළ බව කියන විවාහක එක්දරු පියකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
අතවරයට ලක්වූ තරුණියගේ මිතුරියකගේ සැමියා බව කියන සැකකරු අරලගංවිල පොලිස් වසමේ පදිංචිකරුවකු බවද අනාවරණය වී ඇත.
අපරාධය සිදුකිරීමෙන් අනතුරුව සැකකරු තරුණිය ගෙල පැළඳ සිටි රුපියල් 60,000 ක් පමණ වටිනා රන් මාලයක් ද පැහැරගෙන තිබෙන බවද පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසුව විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණියගෙන් කොල්ලකන ලද රන් දම්වැලද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.
අතවරයට ලක්වූ තරුණිය වෛi පරීක්‍ෂණයක් සහ වෛi ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කේ. පී. ඩබ්ලිව්. පේ‍්‍රමලාල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරික්‍ෂණ පවත්වයි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|