www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කවුද මේ දුලක්ෂි චමෝදරී ?


2019-08-22 13:03:18 -  1581 යි

වයස 21 ක්වූ නව යෞවනියක රළු ආකාරයට හැසිරෙමින් පොලිසිය ඉදිරියේ යකා නැටූ හැටි වීඩියෝවක් මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇත. ඇය  වර්ණකුලසූරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකි. ඇය ප්‍රාදේශීය සභාවක පරිපාලනය සඳහා තෝරාගෙන තිබෙන නිලධාරිනියක ලෙස කිසිදු වගකීමක් අත්දැකීමක් ඇති බවක් 
කථාබහෙන් හෝ හැසිරීමෙන් හඳනාගන්නට නොලැබේ. ඇගේ කටහඩටත් වඩා ඉහළින් ඉස්මතුවන්නේ ඇගේ සොයුරිය යයි කියන අයගේ කථාබහයි.
සහෝදරියන් තිදෙනෙකුගේ පවුලක එම තිදෙනා සහ පියා මෙම අවනඩුවට පැටලී තිබේ. සිදු කර තිබෙන්නේ අද කාලයේ හැටියට මහ විසාල 'වරදක්' යයි 

සැලකිය හැකි දෙයක් නොවුවත් සිද්ධියෙන් පසු ඔවුන්ගේ හැසිරීම මෙම අවනඩුව දුරදිග යන්නට හේතු විය.
 වර්ණකුලසූරිය දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු ප්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ වයස 19 ක් තරම් ලාබාළ වියකදීය. ඡන්ද බලය ප්‍රකාශ කරන්නට ලැබුණ හැටියේම වාගේ ප්‍රාදේශිය සභාවක බලයලත් නිලධාරිනියක වන ඇයට අත්දැකීම් නැත.

ආදර්ශයට සිටින්නේ රටේ දේශපාලකයින්ගේ බලපුළුවන්කාරකම්ය. ඊටත් වඩා ඇගේ පරිසරය හා පවුල් පසුබිම තුළ මීට වඩා වැදගත් යමක් ඇතිද යන්නද ගැටලුකාරීය. ඇය අත්අඩංගුවට පත්වන අවස්ථාවේ වීඩියොවේ මෙන්ම ඊයේ අධිකරණයට පැමිණෙන අවස්ථාවේ මව සමග වීඩියෝවේද ඇය හා පවුලේ අය කථාකරන දේවල් තුළින් එය විද්‍යාමානවේ. 

එක් කොමෙන්ටුවක කියැවුනේ ඇගේ සහෝදරිය ඔක්කොටම වඩා හපන් බවය.
ඇයගේ නිවසේ කසිප්පු පෙරනවා අල්ලන්නට පොලිසිය පැමිණ කිසිවක් හමු නොවූ නිසා මේ වරදට පැටලවූ බව ඇගේ කේන්තියට හේතුව බව කියැවේ.

දුලක්ෂි චමෝදරීගේ ෆේස් බුක් පිටුව බලන විට ඇයගේ සජීවී පෙනුමට වඩා අතිශය සුන්දර ෆොටෝෂොප් ඡායාරූප හඳුනාගන්නට ලැබේ. ඇය ඡන්දය ඉල්ලන්නේ ඒවාද පෝස්ටර් කටවුට් හැටියට ගසාගෙනය. සමහරු කියන්නේ ඇය දින්නේ පෙනුමට බවය.
නැසීගිය එජාප හිටපු ධීවර ඇමති පෙස්ටස් පෙරේරා හා ඔහුගේ පුත් අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ අනුගාමිකාවක වන දුලක්ෂි චමෝදරී, නිරෝෂන් සිටින වේදිකාවලට නැග, ඔවුන පවුලේ අයගේ රූප පෙන්වා ඡන්දය ලබාගෙන ඇති බවද හඳුනාගන්නට ලැබේ.

නීතිය ක්‍රියාත්මක කරන්නට හදන පොලිසිය ඉදිරියේ අමුතු හැසිරීමක නිරතවූ ඇය ජනතා නියෝජිතවරියක වන්නට අවම සුදුසුකමවත් සපුරා තිබේද යන්න ගැටලුකාරීය.
2018 ප්‍රාදේශිය සභා මැතිවරණයේ ඇගේ පෝස්ටරයේ දක්වා තිබුනේ 'උගත් බුද්ධිමත් තරුණ අපේක්ෂිකාව දුලක්ෂි පුනාන්දු තෝරා පත් කර ගනිමු ' ලෙසිනි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com