www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දාසය හැවිරිදි දැරිය පස් මස් ගැබිනියක කළ තිදරු පියා දැලේ


2019-08-19 07:25:28 -  1504 යි

දාසය හැවිරිදි බාලවයස්කාර දැරියක ගැබිනියක බවට පත්කළ තිදරු පියකු ඊයේ (18දා) අලූයම පිටිගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම දැරිය පාසල් සිසුවියක වන අතර ඇය මීට වසරකට පමණ පෙර මෙම තිදරු පියා විසින් වරින් වර අපයෝජනයට ලක්කොට ඇති බැව් පොලිසිය පවසයි. දැරිය අතවරයට ලක්වන අවස්ථාවේදි ඇයගේ වයස අවුරුදු 15 යි මාස හයක් බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත.
 
 සැකකරු හතළිස් හැවිරිදි වියේ පසුවන තිදරු පියකු වන අතර දැරියගේ ළ`ගම ඥාතිවරයකු බව පොලිසිය පවසයි. දැරියට එකවරම වමනය යාම හේතුවෙන් මව විසින් ඇය වෛද්‍යවරයකු වෙත යොමුකොට පරික්ෂණයක් සිදුකර ඇති අතර එම පරික්ෂණයේදි ඇය පස්මස් ගැබනියක බව අනාවරණය වී ඇත.
 
 පසුව මේ සම්බන්ධව දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කොට ඇත. සැකකාර තිදරු පියා ඊයේ (18දා) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා සහ ක. පො.සැ. (80701) නානායක්කාර මහත්මිය ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 17 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com