www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පියා පවුල අතැර ගොසින්.... මව උදෙන්ම ඇඟලුම් කම්හලක වැඩට යනවා... ගොළු තරුණිය ලිංගික අතවරයට ලක්‌ කළ තිදරු පියාට ඇප...


2019-08-09 07:33:02 -  1533 යි

19 හැවිරිදි ගොලු, බිහිරි, තරුණියකට ලිංගික අපයෝජනයක්‌ කළ බවට සැකකාර තිදරු පියා බන්ධනාගාර ගත කළ අතර, පසුව දෙලක්‍ෂයක ශරීර ඇප මත මුදා හළේය.
 
 මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ තලාතුඔය, අයෙකි.
 
 තලාතුඔය මවක්‌ තලාතුඔය පොලිසියට පැමිණිල්ලක්‌ කර මෙසේ ප්‍රකාශ කර ඇත. මා 19 හැවිරිදි ගොලු, බිහිරි දියණියකගේත්, පුතුන් දෙදෙනකුගේත් මවක්‌. මගේ සැමියා අප අතහැර ගොසින්. මා උදේ ඇඟලුම් කම්හලක වැඩට ගොස්‌ ආපසු ගෙදර එන්නේ සවස හතරත් පහුවෙලා. ගොලු බිහිරි දියණිය නිවසේ සිටින අතර ඇය අල්ලපු ගෙදර පුද්ගලයා අල්ලපු ගෙදර බිරිඳත් දරුවනුත් සමග හිතවත් නිසා නිතරම ඒ ගෙදර යනවා. පසුගිය දවසක මා වැඩට ගොස්‌ හවස ගෙදර පැමිණි පසුව, පුද්ගලයා ලිංගික අතවර කළ බව දුව සංඥ භාෂාවෙන් මා සමග කිව්වා. ඒ සමගම ඇය කෑ ගසමින් නිවසට පැමිණි බවත් මට දැන්වූවා.
 
 ඇඟලුම් කම්හලේ නිවාඩුවක්‌ ගැනීම අපහසු නිසා, පොලිසියට පැමිණිල්ල කිරීමට දින ගණනාවක්‌ ගත වූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
 පසුව මේ පිළිබඳ වහා ක්‍රියාත්මක වූ තලාතුඔය පොලිසියේ ස්‌ථානාධිපති පො. ප . අරුණ ක්‍රිෂාන්ත මහතා, වින්දිත දැරිය පොලිස්‌ භාරයට ගෙන, කාන්තා කාර්යාංශයට යොමු කර, විමර්ශන කිරීමෙන් පසුව, පේරාදෙණිය ශික්‍ෂණ රෝහළේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කළේය.
 
 සැකකරු අත්අඩංගුවට ගත් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ඇතුළු අදාළ නිලධාරීහු ඔහුගෙන් ප්‍රශ්න කර විමර්ශන කිරීමෙන් අනතුරුව මහනුවර අංක 01 අතිරේක මහෙස්‌ත්‍රාත් සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කළහ.
 
 තලාතුඔය පොලිස්‌ ස්‌ථානාධිපති, පො. ප. අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 13 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com