www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියාව 'ලඩක්' නමින් බෞද්ධ ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කරයි


2019-08-08 08:12:09 -  1494 යි

ඉන්දියාවේ උතුරුදිග ජම්මු කාශ්මීර ප්‍රදේශයේ 'ලඩක්' නමින් අලුත්ම ප්‍රාන්තයක් ප්‍රකාශ කිරීමට ඊයේ ඉන්දීය රජය පියවර ගනු ලැබීය. සියයට 70 කට වැඩි බෞද්ධයින් පිරිසක් වාසය කරන මෙම ප්‍රදේශය ඉන්දියාවේ එකම බෞද්ධ ප්‍රාන්තය ලෙස මින් ඉදිරියට
කටයුතු කරනු ඇත.

චීනයට යාබද හිමාලයානු බෝඩරයට සම්බන්ධ ලඩක් ප්‍රාන්තයක් ලෙස තමන් තවම පිළිනොගන්නා බව මේ අතර චීනය ප්‍රකාශ කර ඇත. වර්ග කිලෝමීටර 59146 කින් යුතු ලඩක් මිලියන 12.2 ක ජනගහණයක් වාසය කරන ප්‍රදේශයකි.

ඉන්දීය අගමැති මෝදි මෙම ප්‍රාන්තය නම් කරන්නට හේතු වූයේ ඉදිරියේදී මෙම ප්‍රදේශයට චීන බලපෑම ලැබීමෙන් ඉවත්වීමට උපායක් ලෙස බව විදෙස් විචාරකයින් අදහස් දක්වා ඇත.

බෞද්ධ සිද්ධස්ථාන හා සංචාරක පිහිටීම් ගණනාවක් මෙන්ම හිමාල කඳු තරණයට ප්‍රසිද්ධ ප්‍රදේශයක් වන ලඩක් සංචාරක කර්මාන්තය නිසා විශාල ආදායම් උපයන බව පැවසේ.

මෝදි මෙම ප්‍රාන්තය නම් කිරීමෙන් පසු බෞද්ධ ප්‍රාන්තයක් ලෙස ශ්‍රී ලංකාවටද එහි වැදගත්කමක් පවතින බව දක්වමින් අගමැති රනිල් ට්විටර් පණිවිඩයක් යොමු කර තිබේ.තමා ලඩක් ප්‍රදේශයේ සංචාරය කර තිබෙන බවද අගමැතිවරයා දන්වා ඇත.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com