www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සීදූවේ මත් පෙති සාදය වටලයි ; කාන්තාවන් පස්දෙනකු සහ පිරිමින් තිදෙනකු නරක විදියට ඉඳලා


2019-08-07 07:55:54 -  1517 යි

සීදූවේ පොලිස් බල ප‍්‍රදේශයේ අමන්දොලූව අලූත්හේන මාර්ගයේ දෙමහල් ගොඩනැගිල්ලක කාන්තාවන් පස්දෙනකු සහ පිරිමින් තුන්දෙනකු එකතුවෙන් පවත්වාගෙන ගිය මත්පෙති සාදයක් ගැන ප‍්‍රදේශවාසීන් විසින් සීදූව පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව සීදූව පොලිසිය එම ස්ථානය වටලා එම සැකකරුවන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
 
 අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් ඉතා අශෝභනව සිටි බවද පොලිසියෙන් අනාවරණය වෙයි. 
 
 අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ප‍්‍රදේශයේ විශාල ජනතාවක් එක්රොක් වෙමින් මෙම ව්‍යසනය පහකර දෙන ලෙස පොලිසියට පවසා ඇති අතර එකී සැකකරුවන් සන්තකයේ තිබී මත්වීමට අරගන්නා අධිමාත‍්‍රාවෙන් යුත් පෙති කාඞ් 30ක්, හෙරොයින් මිලි ග‍්‍රෑම් 270ක්, ගංජා ග‍්‍රෑම් 24ක් සොයාගෙන ඇත.
 
 පසුව එම කාන්තාවන් පස්දෙනා සහ පිරිමි තුන්දෙනා මීගමුව අධිකරණය වෙත පමුණුවා ඇත.
 
 සීදූව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ශී‍්‍රනික සංජීව ජයකොඩි මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක නිලංග විරසිංහ, පොලිස් කොස්තාපල් (72419* අමරසිංහ, පොලිස් කොස්තාපල් (907* තුෂාර යන අය නිලධාරීහු වැටලීම සිදුකළහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

 © 2014 by www.eethalayanews.com