දාහතර වියැති බාල වයස්කාර දැරියක් රවටාගෙන පවුල් දිවියක් ගත කරමින් සිටි විසි දෙහැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 09 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් සසිකා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් භාරයට ලක් වූයේ නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකාර තරුණයා ජා ඇල ප්‍රදේශයේ රැකියාවක් කරන අතරතුර ජාඇළ ප්‍රදේශයේම සිටි අදාළ තරුණිය සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත ඉකුත් පෙබරවාරි මාසයේ දැරිය නිකවැරටිය තම නිවෙසට කැඳවා ගෙනවිත් පවුල් කා ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණ.
අදාළ දැරියගේ පාසල් ගමනද අතහැර දමා ඇවිත් මෙම පවුල් කෑම කර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.
නිකවැරටිය- රසික කුමාර