www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන් ගේ දෙවැනි ප්‍රහාරය නතර කළ මහ මොළකරු


2019-07-22 13:05:03 -  956 යි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සිදුවීමට ගිය තවත් විශාල විනාශයක් වළක්වා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ලබාදුන් කුලී රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඒ අනුව  පාස්කු ඉරුදා ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදු හී පිපිරීම් සිදු කළ , සහරාන්ගේ පියා සහ සොහොයුරා ඇතුළු කන්ඩායම එම ප්‍රදේශයේ පුපුරණද්‍රව්‍ය ගබඩා කර තැබූ සමන්තුරේ සහ නින්දවූර් හී නිවාස ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබූ මෙහෙයුම සඳහා තමා දැක්වූ දායකත්වය ඔහු මාධ්‍ය වෙත අනාවරණය කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කරන පරිදි ප්‍රහාරයට සම්බන්ධ පිරිස් එම පුපුරණ ද්‍රව්‍ය මීගමුවේ සිට සමන්තුරේ දක්වා රැගෙන ගොස් ඇති අතර  ඒ සඳහා ඔවුන් පෞද්ගලික කුලී රථ සේවා ආයතනයක සහාය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව මෙම රියදුරා මීගමුව ප්‍රදේශයේදී මෙම ද්‍රව්‍ය ලබා ගෙන ඇති අතර රියදුරු එම ද්‍රව්‍ය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ කුඹුරු වලට දමන පොහොර සහ රන් භාණ්ඩ නිෂ්පාදන සඳහා ගන්නා සල්ෆියුරික් අම්ලය එහි අඩංගු බවයි.

පසුව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව තමන් ප්‍රවාහන පහසුකම් සැපයූ පිරිස සම්බන්ධයෙන් මතුවුනු සැකය නිසා ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව එම රියදුරා අප්‍රේල් 26 වන දින ආරක්ෂක අංශ සාමාජිකයන් සමඟ සමන්තුරේ ප්‍රදේශයට ගොස් එම නිවාස දෙක පෙන්වා ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඔවුන්ගේ නිවස්න වැටලූ අවස්ථාවේදී එහි සිටි ප්‍රහාරකයින්ට සිය ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවුනා.

කෙසේ වෙතත් එම අනාවරණයෙන් පසුව ඇති වූ ජීවිත අවධානම නිසා ඔහු කරමින් සිට රැකියාවෙන්ද ඉවත් වීමට සිදු වූ බව එම රියදුරු පවසන අතර  සිදුවීමට ගිය විශාල විනාශයක් වැළැක්වීමට දායක වූ මෙම රියදුරුට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමි විය යුතු වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com