www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දරුවෙකු කුසගින්නේ මැරුණු රටක පාර්ලිමේන්තුවේ දිනකට 200කට වැඩි පිරිසක් පෝෂණය කළ හැකි ආහාර කුණු කූඩයට (PHOTO)


2019-06-20 06:54:52 -  908 යි

තිස්සමහාරාම විජයපුර ප්‍රදේශයේ පදිංචි මාස 11 ක් වයසැති බිළිඳෙකු කුසට අහරක් නොමැති වීම නිසා මිය ගිය සංවේදී පුවතක් වාර්තා වනවා. දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් එම පවුලේ සිවුවන දරුවා ලෙස උපත ලැබූ මලිත් වීරංග නමැති මෙම බිළිඳා  මන්දපෝෂණය නිසා මිය ගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදීද හෙළිවී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ මව මාධ්‍ය වෙත අදහස් දක්මින් කියා සිටියේ රෑ එකකතුත් ගානකට තමයි දරුවට අමාරු වුනේ. නැතිවෙලා තමයි දරුවව අරන් ගියේ. ඩොක්ටලා කිවුවෙ දරුවට මන්ද පෝෂණේ කියලා.මහත්තයට ඒ දවස් වල මාළු බිස්නස් එක හින්දා ටිකක් අමාරුකම් තිබුනා. මුලදි දරුවගෙ බර හොඳ වුනා පස්සෙ දරුවගෙ බරත් අඩුවුනා යනුවෙන්.

එසේම මෙම පවුලේ ඉතිරි දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පාසල් අධ්‍යාපනය ලබන අතර අනෙක් දරුවා පෙර පාසල් වියේ පසුවනවා. කෙසේ නමුත් දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවිත්වන ඔවුන්ට සමෘද්ධි සහනාධාරය හෝ රජයේ වෙනත් කිසිඳු සහනාධාරයක් ලැබී නොමැති බවයි දරුවන්ගේ මව ප්‍රකාශ කරන්නේ.

ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී දරුවන්ගේ මව කියා සිටියේ සමෘද්ධියනම් තිබුනෙ නැහැ. ග්‍රාම සේවක සර් කිවුවා කොහොම හරි සමෘද්ධිය හදලා දෙනවයි කියලා යනුවෙන්

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ප්‍රකාශ කළේ මෙම බිළිඳාගේ මරණයට ප්‍රදේශය බාර සමෘද්ධි සංවර්ධන නිළධාරියා, ග්‍රාම සේවක,ආර්ථික සංවර්ධන නිළධාරියා ඇතුළු සිය පාලනයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ සියලු දෙනා වගකිව යුතු බවයි.

මේ අතර දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක මවක් කැඳ වේලකින් තම ජීවිතය ගැට ගසා ගන්නා ආකාරය පිළිබඳවද ඉතා සංවේදී කතාවක් පසුගියදා අප ඔබට වාර්තා කලා.

රටේ ජනතාව මෙලෙස නොකා නොබී ජීවත් වන තරමටම මෙරට ආර්ථිකය විනාශ වී ඇති මොහොතක රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට පාර්ලිමේන්තුවට යන පාලකයින් දිනකට සිය ගණනක් පෝෂණය කළ හැකි ආහාර වේල් ප්‍රමාණයක් අපත දමන්නේ මහජනතාවගේම මුදලිනි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com