www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 15 පාසල් දැරිය නිල ඇඳුම ඉවත් කරන තෙක් බලන් ඉඳල ලිංගික අපයෝජන කරලා - අවුරුදු 12කට පසුව වුන දේ


2019-06-19 18:44:08 -  931 යි

බලහත්කාරයෙන් පාසල් ශිෂ්‍යාවකට නිවසේ ඉහළ මාලයේ දී බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ පුද්ගලයෙකුට සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණ විනිසුරු නාමල් බංඩාර බලල්ලේ මහතා අද අපරාධයක සාක්ෂි කරුවන් වන්දි වින්දිතයන් යටතේ පිහිටුවා ඇති අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස නියෝග කෙරිණ.

මෙලෙස වන්දි මුදල් ගෙවිමට සිදුව ඇත්තේ මහවත්ත මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටය.

මාවනැල්ල මහවත්ත ප්‍රදේශයේ එවකට වයස අවුරුදු 15 ක් වු පාසල් දැරියක් 2007 සැප්තැම්බර් මස 01 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා කාලය තුලදී පාසල නිමවී ආපසු සිය නිවස කරා ගමන් කරමින් සිට ඇත. විත්තිකාර වෑල්ඩින් කරු පාසල නිමවී ආපසු නිවස කරා ගමන් කරමින් සිටි ශිෂ්‍යාව සමඟ පිටුපසින් නිවස අසලට පැමිණ ඇත. පාසල් ශිෂ්‍යාව නිවසේ පිටතින් ඇති පඩි පෙල දිගේ නිවසේ ඉහළ මාලයට ගොස් පාසල් ඇදුම් මාරු කරන අවස්ථාවේදී විත්තිකරුද ශිෂ්‍යාවට හොරොන් ඉහළ මාලයට ගොස් තිබුණි. පසුව පාසල් ශිෂ්‍යාව පාසල් ඇදුම් ඉවත් කරන අවස්ථාවේදී කාමරයට ගොස් බලහත්කාරයෙන් බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර කිසිවෙකුටවත් නොකියන ලෙසත් යම් පුද්ගලයෙකුට සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණොත් ඝාතනය කරන බවත් ප්‍රකාශ කර පලා ගොස් තිබුණි.පසුව විත්තිකරු බරපතල ලිංගික අපයෝජනය සිදු කරන අවස්ථාවේදී ජංගම දුරකථනයෙන් වීඩියෝ කර කලකට පසුව අන්තර්ජාලයට ද මුදා හැර තිබුණි. අන්තර්ජාලයේ රෑප රාමු දැක ඇති ශිෂ්‍යාවගේ වැඩිමහල් සහෝදරයෙක් සිය නැගණියගේ රෑප රාමු සම්බන්ධයෙන් මවට ප්‍රකාශ කර තිබුණි.

පසුව සිද්ධිය සිදු වී වසරකට පමණ පසු කාලයක ශිෂ්‍යාව සමඟ මව මාවනැල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කළේය. පැමිණිල්ලට අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු කලක් රක්ෂිත බන්ධනාගාර ගත කර ද තිබුණි. පසුව මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නිතිපතිවරයා වෙත යෙමු කොට අධි චෝදනා ගොනු කර 2018 වර්ෂයේ අංක 3927/18 යටතේ විත්තිකරුට එරෙහිව එක් චෝදනාවක් යටතේ සබරගමුව පළාත් බද කෑගල්ල මහධිකරණය වෙත යොමු කොට තිබුණි.

අද අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායිකාව නීතියානුකූල දැනට විවාහ වි දරුවන් සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීමට අකමැති බවත් වන්දි මුදල් අනවශ්‍ය බවත් තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට අනවශ්‍ය බවත් ප්‍රකාශ කෙරිණ. එය සැලකිල්ලට ගත් මහධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් 10 000 ක දඩ මුදලක් ද මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 20 දක්වා අත්හිටුවීමට නියෝග කෙරිණ. තවද අපරාධයක සාක්ෂිකරුවන් වන්දි වින්දිතයන් යටතේ පිහිටුවා ඇති අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණ.

විත්තිකරු, වෙනුවෙන් නීතිඥ ආනන්ද කුමාරසිංහ මහතා පෙනී සිටියේය.

දමුණුපොළ චමින්ද ජයලත්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com