වර්තමාන ලෝකේ උදවිය ප්ලාස්ටික් කෝප්පවලට දාපු ෆෘට් ජූස් බොනවා,
ෆෘට් ෆ්ලේවර් එක තියෙන ටොපි චොකලට් කනවා, හැබෑ පළතුරුවලින් හැදුවයි කියන ඒවා ගිනි ගාණක් දීලා අරගෙන මූණේ උලනවා.
ඒත් පළතුරු කෑල්ලක් කන්නේ නෑ. පළතුරු වර්ග අතරින් කන්න තියන හොඳම පළතුරක් තමයි පැපොල්. තතු දන්නෝ කියන්නේ සතියකට එකක්වත් කන්න කියලා. ඒ මේ නිසයි.
1. ආහාර ජීර්ණය පහසු කරවයි
නොදැනුවත්වම බොහෝ වෙලාවක් වැසිකිළියේ ඉන්නවා නම් ආහාර ජීර්ණ ප්‍රශ්නයක් තියනවා. බොහෝ දුරට මල බද්ධය වෙන්න පුළුවනි. පැපොල්වල තියන එන්සයිමය නිසා ආහාරවල ඇති ප්‍රෝටීන් ඉක්මනට ඇඟට උරා ගන්නවා. ඊට අමතරව පැපොල්වල තියන කෙඳි සහිත ගතිය සහ ද්‍රවමය ගතියත් මේ ජීර්ණ කාර්යයට උදව් කරනවා.
2. වයසට යාම නවතයි
පැපොල්වල විටමින් සී, විටමින් ඊ වගේ ම තව ප්‍රතිඔක්සිකාරක විශාල ගණනක් තියනවා. ඒවා ඇඟට වැටුණම අනවශ්‍ය රැලි ගැසීම්, අව්වට පිළිස්සීම් සහ වියළි ස්වාභාවය නැති කරවා දීලා තරුණ පෙනුම රැක දෙනවා. වෙළඳපොළේ මේ සඳහා තියන නානාප්‍රකාර බෙහෙත් වර්ගවලට සල්ලි නාස්ති නොකර පැපොල් කෑල්ලක් කාලා හිටියා නම් මොකෝ.
3. සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි
ඇට්ටකුණා වෙන්න පායන මේ දවස්වලට නම් පැපොල් කන්න ම ඕනි එහෙනම්. වියළි සමකට අවශ්‍ය තෙතමනය ලබා දෙන්න වගේම සාමාන්‍ය සමක තෙතමනය පවත්වා ගැනීම පැපොල්වලින් කරන්න පුළුවන්. පැපොල් පොඩි කරලා පැක් එකක් විදියට මූණේ ගෑම සිද්ධ කරන්නෙත් ඒ කියන තෙතමනය අවශ්‍ය නිසා. ඒකෙන් නම් තෙතමනය වගේ ම සම දීප්තිමත් වීමත් සිද්ධ වෙනවා. මේ සියල්ල කරන්නේ පැපොල්වල ඇති එන්සයිම සහ ප්‍රතිඔක්සිකාරක එකතු වෙලා.
4. ශරීර ප්‍රතිශක්තිකරණය පවත්වා ගනියි
ප්‍රතිශක්තිකරණය සඳහා අවශ්‍යම දෙයක් තමයි විටමින් සී. පැපොල්වල බහුල වශයෙන් තියෙන විටමින් සී සංයුතිය නිසා ඇස් මානෙක ලෙඩ රෝග නම් හැදෙනවා බොරු. විටමින් සී ප්‍රධාන වුණාට මෙතන දී විටමින් ඒ, බී සහ කේ කියන සියල්ලේ එකතුවක් විදියටයි ප්‍රතිශක්තිකරණය වඩවන මේ පළතුර ඒ වැඩේ කරන්නේ.
5. ශරීරයේ පණු ප්රශ්නය විසඳයි
සමහර අයගේ පණු අමාරු පණු පෙති බීලාවත් හැදෙන්නේ නෑනේ. කෑමට විනාඩි 30කට පෙර හෝ පසු පැපොල් කෑමෙන් ඇඟේ ඉන්න වධකාරී පණුවන් මරා දමන්න පුළුවන්. ඒක කරන්නේ පැපොල්වල ඇති එන්සයිමයෙන්. පණුවන්ට අමතරව ශරීරයේ ඉන්න වෙනත් පරපෝෂිතයනුත් පැපොල් ඉස්සරහ පරාදයි. මේ තත්ත්වය පැපොල් ඇටවල වැඩියි. පැපොල් ඇට, පැපොල් කෑලි, පොල් වතුර සහ කුරුඳු එකට දාලා බ්ලෙන්ඩර් කරලා හදා ගන්නා ස්මූති බොන්න පුරුදු වෙන්න.
6. කොලෙස්ටරෝල් පාලනය කරයි
කොලෙස්ටරෝල් වැඩි වීම හදවත් රෝග ඇති කරවන කෙටිම පාරක්. කෙඳි සහිත ආහාරයක් වීම නිසා ම රුධිර නාලවල රැඳෙන තෙල් තට්ටු ඉවත් කරවලා රුධිර පරිවහනය සාමාන්‍ය පරිදි සිද්ධ වෙන තැනට පැපොල් වැඩ සිද්ධ කරවනවා. මේ විදියට අනවශ්‍ය අහිතකර කොලෙස්ටරෝල් තට්ටු පාලනය වගේ ම රුධිර පීඩනය නිසි පරිදි පවත්වා ගැනීමත් පැපොල් සිද්ධ කරනවා.
7. බර අඩු කරවයි
මිනිස්සු මහත් වෙන්නේ කෑමෙන්. කැලරි වැඩි කෑම කිසි ගින්නක් නැතුව ගිල දෑමෙන්. පැපොල් කියන්නේ කැලරි ඉතා අඩු පළතුරක්. නමුත් මේකේ තියෙන තන්තුමය ගතිය නිසා ම පැපොල් කෑල්ලක් කෑවම බඩ පිරෙනවා. එතකොට බඩ ගින්නට පාන් පිටි ගිලින්න අවශ්‍යතාවක් නෑ. පොඩි බඩගින්නට පැපොල් කන්න පුරුදු වෙන්න.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්