ලොවක් කතා කරන චරිතයක් බවට පත්වෙලා.. ඒ ඇය ලබාගත් ජයග්‍රහණයත් එක්ක කිව්වොත් හරියටම හරි…
චිඩිම්මා අඩෙට්ෂිනා , තවමත් 23 හැවිරිදි නීතිඥ උපාධිය හදාරන දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත කාන්තාවක්..
චිඩිම්මා දකුණු අප්‍රිකානු පියකුටදාව උපන් දකුණු අප්‍රිකානු තරුණියක් වුවද, ඇගේ මව මොසැම්බික් ජාතිකයකුවීම හේතුවෙන් පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති රූ රැජන තරගයේදී ඇගේ සහභාගීත්වය දැඩි විවේචනයට ලක්වුණා..
එම ගැටලුව මත ඇය තරගයෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු රූ රැජන තරගයේ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණා.. එවන් පසුබිමක ඇයට නයිජීරියාවේ රූ රැජන තරගයට සහභාගිවීමට ඇරියුම් ලැබී තිබුණා..
ඒ දකුණු අප්‍රිකානු රූ රැජන තරගයේ අවසන් වටයේදී ජාතිකත්වය පිළිබඳ ගැටලුව හේතුවෙන් ඉවත් කිරීමෙන් පසුවයි.. එහිදී චිඩිම්මා අඩෙට්ෂිනා නයිජීරියා රූ රැජන ලෙස කිරුළ පැළඳීමට භාග්‍යවන්ත වුණා..
මේ ජයග්‍රහණයත් සමඟ ඇය ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ලෝක රෑ රැජන තරගය සඳහා නයිජීරියාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා වෙනවා..