මහමගට යන්න කලින් මෙන්න මේ දේවල් දැනගන්න එක ගොඩක් වැදගත් වේවි..
මේ මොහොතේ පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා..
ඒ, හයිලෙවල් මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගයේ බවයි සඳහන් වන්නේ..
මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා..
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වෙනවා..
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක..
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක තද සුළං ඇතිවිමේ හැකියාව පවතිනවා..
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා..