කඹුරුපිටිය ආඳපාන මූලික රෝහලේ එකතු වන අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයකින් තොරව රෝහල් භූමියේම එක් ස්ථානයකට එක් රැස් කර ඇති අතර රෝහල තුල අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ කටයුතු සිදුනොකිරීම හේතුවෙන් රෝහල අවට ප්‍රදේශයේ දැඩි දුගඳ හැමීම, මැස්සන් බෝවීම හා සුනඛයින් බහුලව ගැවසීම හේතුවෙන් අවට ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට අප වාර්තා කරු සදහන් කරයි.
මෙම ගැටළුව හේතුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රදේශවාසීන් රෝහල් බලධාරීන් දැනුවත් කර විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, එම ගැටළුවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කර විරෝධතා නොපවත්වන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
එහෙත් මේ වන තෙක් රෝහල් බලධාරීන් විසින් එම ගැටළුවට නිසි විසඳුම් නොගැනීම හේතුවෙන් ඉදිරියේදී රෝහල අවට ප්‍රදේශයේ දැඩි පාරිසරික ගැටළු හා සෞඛ්‍ය ගැටළු රාශියක් ඇතිවිය හැකි බවට ජනතාව අවධාරණය කර ඇති අතර නිසි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට අවශ්‍ය තත්වයන් ක්‍රියාත්මක කිරීමට රෝහල් බලධාරීන් ක්‍රියාත්මක වනු ඇතැයි අපගේ අදහසයි.