විවාහය කියන්නේ සෑම තරුණ තරුණියකගෙම සිහිනයක්නේ.
කීයක් වියදම් වුණත් කමක්නෑ විවාහය හරි ලස්සනට ගන්න හැමෝම කැමැත්තෙන් ඉන්නේ.
මේ කියන්න යන්නේ විවාහය වෙනුවෙන් අපූරූ වැඩක් කරන රටක් ගැන.
ගම්බද ප්‍රදේශවල අඩුවෙමින් පවතින කාන්තා ජනගහනයට පිළියම් යෙදීමේ අරමුණින් ටෝකියෝවේ සිට ග්‍රාමීය ප්‍රදේශවලට විවාහ වීමට තනිකඩ කාන්තාවන් දිරිමත් කිරීමට ජපානය නව වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජනගහන ප්‍රශ්න උග්‍ර කරමින් තනිකඩ පිරිමින්ට සාපේක්ෂව ග්‍රාමීය ප්‍රදේශවල තනිකඩ කාන්තාවන් අඩු වීම හේතුවෙන් අධ්‍යාපනය හෝ රැකියාව සඳහා ටෝකියෝවේ තරුණ කාන්තාවන් රැඳී සිටීමේ ප්‍රවණතාවයට එරෙහිව මෙම පියවර උපකාරී වන බවයි ජපාන රජය බලාපොරොත්තු වෙන්නේ.
ගමන් වියදම් රජය විසින් ආවරණය කරනු ලබන අතර නැවත පදිංචියට යන අය සඳහා අමතර මූල්‍ය දිරිගැන්වීම් ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.
2020 ජාතික සංගණනයට අනුව, ටෝකියෝ හැර ජපානයේ ප්‍රාන්ත 47න් 46ක වයස අවුරුදු 15 සිට 49 දක්වා තනිකඩ කාන්තාවන් මිලියන 9.1 ක් පමණ සිටින බව සඳහන්.
මෙය එම වයස් කාණ්ඩයේ සිටින මිලියන 11.1 තනි පිරිමින්ට වඩා දළ වශයෙන් 20% අඩු වන අතර සමහර ප්‍රදේශවල පරතරය 30% දක්වා ළඟාවන බවයි වාර්තා වෙන්නේ.
මෑත වසරවලදී, පිරිමින්ට වඩා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් ටෝකියෝ ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති අතර, ඔවුන් අධ්‍යාපනය හෝ රැකියාව සඳහා නැවත පදිංචි වීමෙන් පසු ග්‍රාමීය ප්‍රදේශවලට ආපසු නොයෑමට නැඹුරු වී ඇති අතර, තනිකඩ පිරිමින්ට සාපේක්ෂව ගම්බද තනිකඩ කාන්තාවන් අඩු වීමද මෙයට හේතුවක්.
අඩුවන ජනගහනය සහ ශ්‍රම බලකායට සහ ආර්ථිකයට එහි බලපෑම්වලට මුහුණ දීම සඳහා, රජය විසින් ජෝඩු සඳහා දරුවන් ලැබීමට මූල්‍ය දිරිගැන්වීම්, ළමා ආරක්ෂණ පහසුකම් පුළුල් කිරීම සහ ටෝකියෝ හි AI භාවිතා කරන රාජ්‍ය අනුග්‍රහය සහිත ආලය යෙදුමක් ඇතුළු විවිධ පහසුකම් මේ සඳහා හඳුන්වා දී තිබෙනවා.
“විවාහය ගැන උනන්දුවක් දක්වන නමුත් සහකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ බොහෝ පුද්ගලයින් සිටී නම්, අපට සහාය ලබා දීමට අවශ්‍යයි” යනුවෙන් ටෝකියෝ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියා.