නීතිඥවරියක්.. ඒත් ඇගේ විශේෂත්වයක් තියනවා.. ඒ මොකද්ද කියලා දන්නවාද…? ඇය විශේෂ අවශ්‍යතා සහිත තරුණියක්…
Down syndromeවලින් පෙළෙන නිසා තමයි ඇය මේ ලබාගත්ත උපාධිය ගැන හැමෝම කතා වෙන්නේ.. ඩවුන් සින්ඩ්‍රෝමය සහිත ලොව පළමු නීතීඥවරිය ලෙස මෙක්සිකෝවේ ඇනා වික්ටෝරියා ඉතිහාසයට එක් වන්නේ අන්න ඒ නිසායි..
ඇත්තටම ඇය ඇයටම අභියෝගයක් වෙමින් මේ ලබාගත් ජයග්‍රහණය ගැන අද ලෝකයම කතා වෙන්නේ අන්න ඒ නිසයි.. 25 හැවිරිදි ඇනා පීඩා විඳදරාගෙන ඇගේ සිහිනය සාක්ෂාත් කර ගත්තා..
ඇයට නීතීඥවරියක්වීම කළ නොහැක්කක් බව බොහෝ දෙනෙකු පවසා තිබුණත් ඇය සම්මත තත්ත්වයන් අතික්‍රමණය කරන්නට සමත්වුණා.. ඇනා තමගේ මේ නීතිඥ සිහිනය සැබෑවක් කරගත්තේ Universidad Autónoma de Zacatecas (BUAZ) වෙතින්..
ඒ විතරක් නෙවෙයි.. ඇගේ මේ ගමනට ඇගේ මව්පියන් වගේම ඇයට ආදරය කරන හිතවතුන් පවා ඇනාට හයියක් වෙලා තිබුණා.. ඒ වගේමයි ඇයට මේ ගමන යන්න උදව් කළ මහාචාර්යවරයා ඇගේ සෙවනැල්ල බව ඇනා මෙහිදී ස්තූතිවන්ත වෙමින් පවසා තිබුණා..