කවදාවත් හිතන්නේ නැති මොහොතක මෙහෙම දෙයක් වෙයි කියලා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..
ඒත් අවසානයේ ඇගේ පිහිටට හිටියේ අසල්වාසීන් පමණයි..
යාපනය අච්චුවේලි ප්රදේශයේ කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව ඊයේ රාත්රියේ රෝහල්ගත කර ඇති බව අච්චුවේලි පොලිසිය පවසනවා..
අච්චුවේලි ප්රදේශයේ පිහිටි නිවසක කාමරයක් ගිනිගන්නා බවට අසල්වාසීන් විසින් දැක නිවසට ඇතුල්වී ඇති අතර, එහිදී බේරගන්න ලෙසට ඇසුණු කැගැසීමෙන් කාන්තාව බේරාගත් අසල්වාසීන් ඇයව අච්චුවේලි මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
පසුව වැඩිදුර ප්රතිකාර සඳහා ඇයව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ…
අදාළ නිවසේ සැමියා සහ බිරිඳ අතර නිතර පවුල් ආරවුල් සිදුවන බවට අසල්වාසීන් විසින් පොලිසියට පවසා ඇති අතර, එම නිසා එම කන්තාවට ගිනිතබා සැමියා පලා යන්නට ඇතැයි පොලිසිය සැකපල කරන බවයි වාර්තා වෙන්නේ..
මෙසේ පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ අච්චුවේලි ප්රදේශයේ පදිංචි බාලක්රිෂ්ණන් නිරුතිකා නැමති 27 හැවිරිදි කාන්තාවක්..
අච්චුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා..