ආදරණීය පියෙක්ද..?
හැමදාමත් තමගේ ආදරණීයයන් වෙනුවෙන් ගී ගයපු අමල් පෙරේරා ගැනයි මේ කියන්න යන්නේ..
ලාංකේය සංගීත ක්ෂේත්රයට නොමැකෙන ගීත ගණනාවක් දායාද කළ කලා තරුවක් විදිහට අමල් පෙරේරා හඳුන්වා දෙන්න පුළුවන්.. ගොඩක් වෙලාවට තාරුණ්‍ය වෙනුවෙන් ගීත ගයන අමල්, මෑතකදී ටිකක් වෙනස් වැඩක් කරන්න හිතලා.. ඒ එයාගේ චූටි දියණියත් එක්ක..
අමල් ඔහුගේ දියණියත් එක්ක මේ වෙනකොට අපූරු ගීතයක් නිර්මාණය කරලා.. “මරීසා” ඒ අපූරු ගීතයේ පූර්ව ප්‍රචාරණ පටයක් මේ වෙද්දී අමල්ගේ මුහුණු පොතෙන් දැක ගන්න පුළුවන්..
ඉතින් අපිත් ආසාවෙන් ආදරයෙන් බලාගෙන ඉමු, මේ තාත්තගෙයි, දුවගෙයි අලුත් ගීතය රසවිඳින්න..