අනතුර සිදුව තිබුණේ ඉකුත් 19 වැනිදා අළුයම සිදුවූ අනතුර ගැන බොහෝ දෙනෙක් මේ වෙද්දී කතා කරනවා..
මේ නෞකාවේ ගමන් ගත් පිරිස ගැන ඇසෙන තවත් කතාවක් ගැනයි මේ කියන්නේ..
ඉතාලියේ සිසිලි දූපත ආසන්නයේදී ටොනේඩෝ කුණාටුවකට හසුවී මුහුදුබත් වූ ‘බයේසියන්’ සුඛෝපභෝගී සංචාරක යාත්‍රාවෙන් අතුරුදන් වූ පුද්ගලයන් 6 දෙනාගෙන් අවසන් මළ සිරුරත් ඊයේ සොයා ගත් බව ඉතාලි වෙරළාරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබෙනවා..
එම අනතුරින් පුද්ගලයන් බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරික මයික් ලින්ච් ඇතුළු 6 දෙනකු අතුරුදන්වී සිටි අතර, මධ්‍යධරණී මුහුදේ අඩි 160ක් ගැඹුරු සාගර පතුලේ තැන්පත්වූ යාත්‍රාවේ සුන්බුන් අතර සිරවුණු මළසිරුරු 5ක් පෙරේදා සොයා ගෙන තිබුණා..
ඊයේ සොයා ගනු ලැබූ අවසන් මළ සිරුර මයික් ලින්ච්ගේ දියණිය වන 18 හැවිරිදි හනා ලින්ච්ගේ බවත්, ඒ සමඟම මෙහෙයුම අවසන් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා..
පසුගිය සඳුඳා අලුයම 5.00ට පමණ මේ අනතුරු සිදුවී තිබූ අතර, බයේසියන් යාත්‍රාවේ සිටි පුද්ගලයන් 22 දෙනකු අතුරින් කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිය ඇන්ජෙලා ඇතුළු පුද්ගලයන් 15 දෙනකු දිවි ගලවා ගැනීමට සමත්වූ අතර, අතුරුදන් වූ පුද්ගලයන් 7 දෙනකුගෙන් එම යාත්‍රාවේ අරක්කැමියාගේ මළසිරුර එදිනම පස්වරුවේ ගොඩ ගෙන තිබුණා..
දැඩි කුණාටු සහිත කාලගුණ තත්ත්වයක් ඇති සිසිලි දූපත අවට මුහුදේ අතුරුදන්වූ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම දින 5කට ආසන්න කාලයක් පුරා සිදුවූ අතර, කිමිදුම්කරුවන් දුෂ්කර මෙහෙයුමක නිරත වූ බව ඉතාලියේ වෙරළාරක්ෂක බළකාය වැඩදුරටත් ප්‍රකාශ කර තිබුණා..
මුහුදුබත් වූ සුඛෝපභෝගී යාත්‍රාව ගොඩ ගැනීමේ සැලසුමක් නැති බවත් වාර්තා වෙනවා..