දවස්වල ගොඩක් දෙනෙක් ආර්ථික ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා..
ඒ විතරක් නෙවෙයි දැන් සුළු වැඩකට පවා විශාල මුදලක් වියදම් කරන්න වෙනවා නේ..
ඉතින් මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. ඔහු මේ මුදල පවා හොයාගන්න ඇත්තේ ගොඩක් අපහසුවෙන්.. ඒත් අවසානයේ ඔහු මොන දුශ්කරතාවය තිබුණත් අවසානයේ ඔහු ඔහුගේ වැඩ කටයුත්ත කරගෙන..
ගමේ තැපැල් කාර්යාලයෙන් රුපියල් පනහක මුද්දරයක් මිලදී ගන්නට පැමිණි ගැමියකුට රුපියල් 450/- ක පමණ මුදලක් වැය කර එම මුද්දරය මිලදී ගැනීමට සිදුවූ පුවතක් හසලක නගරයට ආසන්න ගමකින් වාර්තා වෙනවා..
ගුරුළුපොත ගම පිහිටියේ හසලක නගරයේ සිට කිලෝ මීටර් 04ක පමණ නුදුරින්.. මෙම ගමේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙයට වසර 30කට පමණ ඉහතදී ගුරුළුපොත හන්දියේ උපතැපැල් කාර්යාලයක් ආරම්භ කරලා…
ඉහළ ආදායමක් තැපැල් කාර්යාලයට නොලැබුණත් ප්‍රදේශවාසීන්ට කාර්යාලයෙන් ඉහළ සේවාවක් සිදුවෙනවා..
ගමේ අයකුට රුපියල් 50/-ක මුද්දරයක් හදිසියේ අවශ්‍ය වූයේ අධිකරණයට දිවුරුම් සහතිකයක් ඉදිරිපත් කිරීමට එම සහතිකයට මුද්දරයක් ඇලවීමට සිදු වූ හේතුවෙන්.. මොහු පදිංචිව සිටිනුයේ ගුරුළුපොත හන්දියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුර පාගමනින් යා යුතු මාර්ගයක් ඇති දුෂ්කර ගම්මානයකයි…
ගමේ සිට පාගමනින් ගුරුළුපොත හන්දියට පැමිණ තැපැල් කාර්යාලයට ගියත් එය වසා දමා තිබුණා.. කාර්යාල වැසීමට ආසන්නතම හේතුව බව අසල වෙළඳසල් හිමියකු ඔහුට පැවසුවේ මෙහි සේවය කළ නිලධාරිනිය හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්ත කර තිබෙන නිසාවෙන් බවයි…
මුද්දරයක් ගැනීමට පමණක් අවශ්‍ය මුදල රැගෙන පැමිණි නිසා හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් මුද්දරයක් ගෙන ඒමට යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් අතේ නැතිවූ නිසා, මුද්දරයක අවශ්‍යතාවය තදින්ම තිබුණා…
අදාළ දිවුරුම් සහතිකය අදම අධිකරණයට ඉදිරිපත් නොකළහොත් එම කාර්යයට ගැටලුවක් ඇති විය හැකි බවද ඔහුට කල්පනා වුණා..
අසල වෙළඳසලේ මිතුරාට තමන් පත්ව සිටින අපහසුතාව හා අවශ්‍යතාව පවසා රුපියල් 500/-ක මුදලක් ණයට ගෙන හසලක බලා මගී බස් රථයකින් නගරයට ගොස් මුද්දරය රැගෙන පෙරළා ගමට පැමිණි ඔහු ගැමියන්ට පැවසුවේ රුපියල් 50/- මුද්දරයක් ගන්නට ගිය තමන්ට හසලක තැපැල් කාර්යාලයට ගිය ගමනට බස් රථයට රුපියල් 100/ක් (යෑමට ඒමට ) වැය වූ බවත් නගරයට ගිය විට ඇති වූ කුසගින්නට තේ පානයට රුපියල් 300/ක් වශයෙන් රුපියල් 450/-ක පමණ මුදලක් වැය වූ බවයි..