කවුරුත් සැදැහැ සිතින් වන්දනාමාන කරන්න යන නගරයක් තමයි අනුරාධපුරය කියන්නේ..
ඒත් මේ කියන්න යන්නේ තවත් ඒ වගේ හිත නිවන කතාවක් නම් නෙවෙයි..
මේ වගේ ස්ථානයක මේ වගේ කාරණයක් සිද්ධවෙයි කියලාවත් ඔබට හිතාගන්න පුළුවන්ද..? ඒත් අවසානයේ ඒ හැමදෙයක්ම ඒ විදිහට සිද්ධවෙලා.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු ඊයේ දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය පවසනවා.. මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා 33 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පැවසුවේ..
මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,පන්ඩුලගම ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි මල් වෙලදාමේ නිරත අයෙක්.. මෙම මල් වෙලදාමේ නිරත පුද්ගලයන් දෙදෙනා අතර මුදල් ගනුදෙනුවල් මුල්කර ගනිමින් පසුගිය දිනක පස්වරැවේදි සිදුවූ ආරාවුලක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය පවසනවා..
මෙම පිහි ඇනුමෙන් අනුරාධපුර, සංඝමිත්තා මාවතේ පදිංචි 33 හැවිරිදි මල් වෙලෙන්දා බරපතල තුවාල ලබා ප්රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබුණා..