ඔවුන් සතුටෙන් කාලය ගත කළා.. තමන්ගේ දරුවන් විදෙස් රටක සැපෙන් සතුටෙන් කල් ගෙවනකොට මේ අම්මයි තාත්තයි දෙන්නා හිටියේ තනියම..
මොන දේකින් වත් අඩුවක් නැති මේ යුවලට දවසක් සිදුවුණේ කවුරුත් නොසිතන දෙයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
ධනවත් වයෝවෘද්ධ යුවලකට මරණ තර්ජනයකර රුපියල් ලක්ෂ 40 ක කප්පමක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පුවතක් පානදුරෙන් වාර්තා වෙනවා.. පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසන්නේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහතුඩුව ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බවයි..
මෙම යුවල 76 සහ 75 හැවිරිදි වියේ පසුවුණා.. මොවුන්ගේ දරුවන් ඇමරිකාවේ පදිංචිව සිටින බවයි වාර්තා වෙන්නේ.. මෙම යුවළ වසර කිහිපයකට පෙර ඔවුන්ට අයත් ඉඩමක් විකුණා ඇති අතර මේ බව දැනගත් සැකකරු ඔවුනට මරණීය තර්ජන එල්ලකර රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබාගෙන ඇති බව පොලිසිය පවසන්නේ..
එම යුවල මීට මාස කිහිපයකට පෙරද අධික මිළකට තවත් ඉඩමක් විකුණා ඇති අතර , මේ බව දැනගත් සැකකරු නැවත මරණීය තර්ජන එල්ලකර තවත් රුපියල් ලක්ෂ හතලිහක් ඉල්ලුම් කර තිබු බවට පැමිණිල්ලක් කල බවද පොලිසිය සදහන් වෙනවා..