කියන්න යන්නේ දළඳා පෙරහැරෙන් පස්සේ සමාජමාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වුණු පුවතක් ගැනයි..
මෙවර පෙරහරේ විශේෂ සිදුවීම් ගණනාවක් අතරේ මේ සිදුවීම, නැත්තම් මේ වීඩියෝව සමාජමාධ්‍යවල කැපි පෙනුනා..
රන්දෝලි පෙරහර පැවැත්වෙන අවස්ථාවේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් නැටුම් කණ්ඩායමකට බනින ආකාරයේ විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි අහන්න ලැබුණේ..
දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගලගෙන් හිරු ප්රවෘත්ති කළ විමසීමකදී ඔහු කියා සිටියේ දළදා මාලිගාවේ ප්‍රධාන පරිපාලකයා වශයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් එම නැටුම් කණ්ඩායමට වෙත අවවාද කිරීම ඉතා සාධාරණ බවයි..
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොදන්නා පිරිස් පවසන දේ ඉතා අශෝභන බව ඔහු කියා සිටියා…
ඔහු ඒ පිලිබඳව පැහැදිලි කරමින් පවසා සිටියේ අදාළ නැටුම් කණ්ඩායම් දෙක වන සුරසේන පරම්පරාව සහ වේරපිටිය පරම්පරාවය…
එම නැටුම් කණ්ඩායම් දෙක විසින් පෙරහැර තුළදී ඉතා තරඟකාරිව නර්තනයේ යෙදීම මෙම කරුණට හේතු වු බවය…
එය කිහිප වරක්ම දකින්ට ලැබීම හේතුවෙන් ඔවුන් එකිනෙකා වෙනස් මාත්‍රාවල නැටීම නවතා කණ්ඩායම් දෙකම එකම මාත්‍රාවකට නටන ලෙස දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර සම්බන්ධයෙන් මෙහිදී අවවාද කර තිබෙන බවයි..
දළදා කරඩුව අසල නර්තනයේ යෙදෙන විට ඉතා සංයමයෙන් යුතුව නැටුම් ඉතිරිපත් කල යුතු බව ඔහු මෙහිදී අවධාරණ කර සිටියා…
එමෙන්ම එම නර්තන කණ්ඩායම් දෙක මීට පෙර පෙරහැර තුලදී ද කරඩුව හා දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරව අතර විශාල පරතරයක් ඇති කිරීමක් සිදුව තිබෙනවා…
දළදා කරඩුව හා නිලමේවරයා සිටිය යුතු වන්නේ දෑස් මායිමේ බවත් එම නැටුම් කණ්ඩායම් දෙක දලදා කරඩුව හා නිලමේවරයා පෙරහැර තුලදී විශාල පරතරයක් ඇති කිරීම සුදුසු නොවන බව දළඳ මාලිගාවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා අප වෙත පවසා සිටියා…
මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝව සම්බන්ධයෙන් ද දළදා මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ එම අවස්ථාව ගැන නොදැන කරුණු දක්වන මහජනතාව නොදරු, අඥාන කුහක මිනිසුන් වන බවයි..
ලංකාවේ ථෙරවාදි ගිහි නායකයාට අපහසා කිරීම බෞද්ධ සංස්කෘතික උරුමයට පහර ගැසීමක් බව දළඳ මාලිඟවේ සංස්කීත නිලධාරි, පෙරහැර සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගලවැඩිදුරටත් කියා සිටියා…
කෙසේ වෙතත් මේ සිදුවූ දේ ගැන හරි හැටි මෙහෙම දැනගත්තට මේ ගැන සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වුණ කතා බොහෝමයි.. මේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර විසින් සිදුකළ පෙරහැර පිළිබඳව මුහුණුපොතේ දැකගන්න ලැබුණු සටහනක්..
“දළදා මාලීගාවේ අවුරුදු 20ක් පෙරහැර 11 ගානේ 220ක් කරපු..
කතරගම අවුරුදු 7ක් වාර්ශිකව පෙරහැර 16ක් ගානේ පෙරහැර 112ක් කරපු..
රත්නපුර සමන්දේවාලේ අවුරුදු 7ක් අවුරුද්දකට පෙරහැර 15ක් මුලු පෙරහැර 105ක් කරපු..
මුලු ජිවිත කාලෙම පෙරහැර 437ක් කරපු මනුස්සයෙක්ට..”
ඉතින් කවුරු කොහොම මොන දේ කිව්වත් ඔහු මේ ඉටුකළ කාර්ය ගැනත් අද බොහෝ දෙනා කතා කරන්නේ බොහොම පැහැදිමකින්..