කියන්න යන්නේ තවත් සුවිශේෂී වූ කාරණාවක්..
අපි මීට වඩා මේ දවස්වල පවතින ලෙඩ රෝග ගැන සැලකිලිමත් වීම වැදගත් කියලා මේ දේ අහනකොට ඔබටත් හිතේවි..
අප්‍රිකානු රටවල පැතිර යන එම් ෆොක්ස් වෛරසයට එන්නත් ලබාදීමේ කටයුතු තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා..
ඒ අනුව, මෙම වෛරසය ආරම්භ වූ කොංගෝ හි පළමුව එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවයි සඳහන්..
එසේම, මීට අවශ්‍ය එන්නත් ඇමරිකාව සහ ජපානය වැනි රටවලින් ගෙන එනු ලබනවා..
මේ අතර, එම් ෆොක්ස් වෛරසය හේතුවෙන්, අප්‍රිකානු රටවලින් මරණ 1400ක් පමණ වාර්තා වන අතර පසුගිය සතියේදී පමණක් වෛරසය ආසාදිතයන් 19,000ක් සොයාගෙන තිබෙනවා..