ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ නිකිණි පොහොය අදට යෙදී තිබෙනවා.
පෙරවස් එළැඹීමට නොහැකි වූ භික්ෂුන් වහන්සේලාට පසුවස් සමාදන්වීමට නියමිතව ඇත්තේ මෙම පුන් පොහෝ දිනයේදීයි.
අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය.
බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනකදී වීම විශේෂත්වයක්.
මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම සිදු කෙරෙන්නේ ද නිකිණි පොහොය මුල්කර ගනිමින්.
ආනන්ද හිමියන් රහත් වූයේද නිකිණි පුන් පොහෝදාකය.
පුද්ගලයාගේ සසර ගමන කෙටි කර ගැනීමට සිත එකඟ කරගෙන මෝක්ෂ මගට පිවිසීමට හේතු වන කරුණු සමුදායයකට මේ පොහොය දිනදී දොරටු විවර වූ අතර මුළුමහත් බෞද්ධ ජනතාව මෙම පොහොය දිනයේ ආමිස මෙන්ම ප්‍රතිපක්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කරනු ලබයි.