ඉඟුරු මිල සම්බන්ධව බොහෝ දෙනා කතා බහට ලක් කරනවා.
මේ ඒ ගැන පුවතක්.
ඉඟුරු ආනයනය කිරීමට ගෙන ඇති තීරණයත් සමග දේශිය වෙළඳපොලේ ඉඟුරු මිල ගණන් සීඝ්ර ලෙස පහළ බැසීම හමුවේ තමන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවට ඉඟුරු ගොවීන් චෝදනා කරනවා.
පසුගිය කාල සීමාවේ වෙළදපොලේ රුපියල් 3000 දක්වා ඉහළ ගොස් තිබූ ඉඟුරු කිලෝග්රෑමයක් අද වන විට අලෙවි වන්නේ රුපියල් 1000ක මිලකටයි.
කෙසේ වෙතත් මිල පාලනය කිරීමේ අරමුණින් ඉඟුරු මෙට්රික් ටොන් 3000ක් ආනයනය කිරීමටයි පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණේ.