යුරේනි නොෂිකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර ජනප්රිය රංගන ශිල්පිනියක්..
ඒත් එක්කම ඇගේ කලා ජීවිතය එක රාමුවකට සීමා නොවූවක් කියන එක මේ වෙනකොට හැමෝම දන්නා කාරණයක්..
ඉතින් තවමත් තනිකඩ දිවියක් ගෙවන යුරේනි නොෂිකා සති අන්ත ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙලා තිබුණා.
එහිදී විවාහය ගැන ඇය මෙලෙස අදහස් දක්වා තිබුණා.
යුරේනි කියන්නේ ස්වාධීනව ජීවත් වෙන චරිතයක් නේ. ගැහැනු ළමයෙක්ට එහෙම ජීවත් වෙන්න පුළුවන්ද?
මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් මයි කාර් මයි පෙට්රල් කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ. අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි. තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ. මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම. අනේ මට මේ දේ නැහැ අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි.
හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව
නැහැ. බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.
වාහනයක් දැක්ක හීනේ නම් සැබෑ කර ගත්තා නේද?
ඔව් ඔව්. පොඩි පොඩි හීන සැබෑ කරගෙන තියෙනවා. මේකයි අපි හීන සැබෑ කර ගනිද්දී පොඩි ආතල් එකක් තියෙනවා. ඒක තමන්ගේ ඊගෝ එකට හොඳයි. නමුත් මනුස්සයෙක් විදිහට සතුටු වෙන්න ඕනේ. තමන් තනියම ඉන්න කොට තමන්ට මොන දේ තිබ්බත් තමන්ට හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් සාර්ථක මනුස්සයෙක්. මගේ ජීවිතේ දැනට මට සීයට සීයක් මම සාර්ථකයි කියන්න බැහැ. මම තනියම ඉන්න වෙලාවට මම සීයට සීයක් සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්නේ යම්තාක් දුරට සාර්ථක වුණු කෙනෙක් විදිහට.