කාවිංග පෙරේරා කියන්නේ අපි හැමෝම දන්නා හඳුනා චරිතයක්.
කළා ක්ෂේත්රයේ ඉහලටම ගිය හැමෝගෙම ආදරය දිනාගත් අයෙක් හැටියට තමයි ඔහු අපි හැමෝම හඳුනන්නේ.
ඔහු රංගනයෙන් වගේම අද වෙද්දී නිවේදනයෙන්ද දස්කම් දක්වමින් තමයි රසිකයන් තම ආදරය එකතුකරගන්නේ.
කාවිංග මේ වෙනකොට සිය විවාහයට තිත තබා තියෙනවා.
නිර්මාණ කටයුතුවල ඉදහිටක දකින්න පේන්න ඉන්න කාවිංග, නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.
කාලයක් තිස්සේ රංගන කටයුතුවලින් දකින්න නොලැබුනත් ඔහුට ලැබෙන ප්රේක්ෂක ආදරය නම් ඉතාමත් ඉහලයි.
ඒ වගේම තමයි ඔහු ඉතාමත් සංවේදී චරිතයක් ලෙස රසිකයින් අතර කතාබහට ලක්වුණ චරිතයක්.
සිය දෙමාපියන්ටත් දැඩි ලෙස ආදරය කරන ඔහු පසුගියදා එක්තරා වැඩසටහනට පැමිණ සිය නැගනිය ගැන ඉතාමත් සංවේදී ලෙස අදහස් දක්වා තිබුණා.