පසුගිය කාලය පුරාවට ඝාතන සම්බන්ධව බොහෝ තොරතුරු අහන්න දකින්න ලැබුනා.
මේ වාර්තා වෙන්නෙත් එවන් වූ ඝාතනයක් සම්බන්ධ පුවතක්.
ඊයේ අළුයම් කාලයේ හලාවත පොලිස් වසමේ මහ විලත්තව ප්රදේශයේදී වයස අවුරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බව හලාවත පොලිසිය පවසනවා.
මරණකාරිය වයස අවුරුදු 65ක් වූ මූකලන්හේන, බිංගිරිය ප්රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මිය ගොස් වැටී සිටි බවට මරණකාරියගේ දියණිය ප්රකාශයක් ලබා දී ඇති අතර, දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්රියේ ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, ඔහු යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත්, ප්රකාශයක් ලබා දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව, බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන හලාවත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.