පසුගිය දිනවල කල්ගෙවන්න ඇත්තේ ගොඩක් දුකෙන්..
මොකද ඔවුන්ගේ පවුල් ජීවිතය ඇතුළේ ගොඩක් හැලහැප්පීම් තිබුණා..
ඒත් ඉතින් ඒ කාලය දැන් අවසන් වෙලා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. හර්දික්ගේ හිත නැවතුන අලුත්ම පෙම්වතිය කවුද..? මේ ඇය ගැන ඇසෙන කතාවයි.. කවුද මේ හර්දික්ගේ හිතගත්ත තැනැත්තිය..
බ්‍රිතාන්‍ය ගායිකාවක් සහ රූපවාහිනී නිවේදිකාවක් වන ජැස්මින් වාලියා සමඟ ඔහු පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිර යනවා.. සමාජ මාධ්‍යයේ කතා මවන තරුවන් වෙන ජැස්මින් වාලියා පසුගිය දිනවල ග්‍රීසියේ සංචාරයකට එක්වෙලා තිබුණා..
ඒ සංචාරය අතරතුරදී ගත් සේයා රූ කිහිපයක්ම ජැස්මින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත එකතු කරලා තිබුනා.. ඒ විතරක් නෙවෙයි, ඇය මේ ගමන ගිය දිනවලට ආසන්න දිනවලදීම පාණ්ඩ්‍යා ද ග්‍රීසියේ සංචාරයක නියැලී ඇති බවට ඔහුගේ සමාජමාධ්යවලින් අනාවරණ වී තිබෙනවා..
ඉතින් කතා මැවෙන මේ දෙදෙනාගේ සම්බන්ධය ගැන බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා.. හර්දික් – ජැස්මින් දෙදෙනාගේ මේ ගමන අහම්බයක්ද..? ඒ කතාව ගැන ආයේ ආයේත් විමසනකොට නම් හිතෙන්නේ, පාණ්ඩ්‍යා සහ නටාසා ඔවුන්ගේ පරණකතාවලට සම්පූර්ණයෙන්ම තිත තියලා කියලයි..