කෝච්චියේ යන බොහෝ දෙනෙකු මෙන්න මේ වගේ අත්දැකීම්වලට නම් මුහුණ දීලා ඇති.
මේ වගේ සිදුවීම් ලංකාවේ බහුල සිදුවීම් බවට පත්වෙලා තිබෙන බවට ඔබ අත්දැකලත් ඇති.
මේක මම කියනවද?නැද්ද? කියල මම සෑහෙන පාරක් හිතුව. ඔන්න ඔහේ කියල දානව. මොකද දන්නවද? ගෑනු ගතිය හොඳටම පෙනුන තැනක් හින්ද.
මම අද ගෙදර එන්න හිතාන කොටුවෙන් රැජිනට නැග්ග. සීට් එකක් හොයාගෙන ඉස්සරහට එනකොට අයිතිකාරයෙක් නැති,බෑග් දෙකක් තියන සීට් දෙකක් දැක්ක. මම මෙතන කවුරුත් ඉන්නවද ඇහුවම එක ගෑනු ලමයෙක් මට නෑ කියල සීට් එක දුන්න. ඔන්න දැන් මම ඉඳගත්ත සීට් එකේ ඉඩ නෑ. ඉස්සරහ සීට් එකේ තලතුනා ගෑනු කෙනයි බෑග් එකයි. එතනින් යන ගොඩක් අය එයාගෙන් ඇහුව මෙතන කවුද ඔන්නෙ කියල. එයා කීවෙම කෙනෙක් ඉන්නව කියල. ඔෆිස් ඇඳුමක් ඇඳගත්ත පිරිමි කෙනෙක් ඇවිත් බෑග් එක අයින් කරල ඉඳගත්ත. ඇත්තටම මේ ගෑනු කෙනා කීවෙ බොරු. එතන කවුරිත් නෑ. මමත් කීව “මේකෙ සීට් අල්ලන්න බෑ,මේක බුකින් පෙට්ටිය නෙවේ කියල”
හොඳම වැඩේ වුනේ එතනින් පස්සෙ. අවුරුදු 5ක් 4ක් වගේ පුංචි ළමයි දෙන්නෙක් අරන් තවත් ගෑනු කෙනෙක් නැග්ග. මට එහා පැත්තෙ හිටපු ගෑනු ළමයා ඒ පොඩි දෙන්න ජනේලෙ ළඟට අරගත්ත. දෙන්න දඟයි,හුරතල්. පොඩි ගෑනු ළමයා අම්මගෙ එල්ලෙනව. එතන හිටපු ගෑනු දෙන්නට දරු දුක ආවා. උන් දෙන්න සීට් එකේ ඉඳගෙන මන් දිහා බලන් ඉන්නව. මන් එකපාර බැලුව මේ මොකද කියල. මට සීට් එක දෙන්න කියන්නෙ මේ.
මේක මාර වැඩක්නෙ. පිරිමියෙක් පොදු ප්‍රවාහනේ යනකොට මොන අමාරුව තිබුනත් ලෙඩෙක්,මහල්ලෙක්,මළ මිනියක්,පැවිදි රුවක්,ගැබිනි මවක්,බේබද්දෙක් කවුරු නැග්ගත් සීට් එක දෙන්න ඕන. හා ඒකත් කමක් නෑ කියන්නකො. එච්චර දරු දුකනම් මේ දෙන්නගෙන් කෙනෙක්ට සීට් එක දෙන්න පුලුවන්නෙ?
කාන්තා අයිතිවාසිකම්,සමතැන වගේ රෙද්දවල් උස්සගෙන එන ගෑනු ඉල්ලන්නෙ සම තැන නෙවේ. එතනින් එහාට. ඒක හරියට ‘කාන්තා හිමිකම් +’ වගේ එකක්. එයාලට තව කාන්තාවක් වෙනුවෙන් පොඩි දෙයක් කැපකරන්න බෑ. පිරිමි තමා කැපකරන්න ඕන. පිරිමියෙක්ට තියන ලෙඩක්,අසනීපයක් මොකක් වුනත් පස්සට ගිහින් ගෑනුන්ට තැන දෙන්න ඕන. මෙහෙමයි. මට හිතුනොත් මම දෙනව. ඉල්ලුවොත්නම් දෙන්නෙම නෑ නෝනා.
“බ්‍රහ්මචාරී පතන්-ගෑනු මගෙන් වාසි නෝපතන්”
( උපුටා ගැනීමකි )