නොමිලේ සැප දෙන එක අඩු කළා.
අන්තිම අඩුම ගාණ රුපියල් 7000ක් කළා…”
“මිනිස්සු ආසයි ගණිකාවෝ ගැන කතා අහන්න..”
“එයාලට විශේෂ හේතුවක් නෑ ගණිකාවෝ ගැන අමුතුවට අහන්න.. ලොකුම හේතුව උන් ගෑනු වෙන එක වෙන්නත් පුළුවන්..”
“හැමෝම කතා කරන්නෙ සල්ලිවලට අපි රෙද්ද උස්සන එක ගැන විතරයි. අපි ළඟට ඇවිත් යන ඔක්කොම ශුද්ධවන්ත බ්‍රාහ්මණයෝ..”
අපි මේ කතාව නවත්තමු…
නෑ නෑ අලුත් කතාවක් පටන් ගමු…!!
“මම කියන්නම් කතාවක්…”
එතැන හිටපු ලස්සනම කෙල්ල. එයා ඇඳන් හිටියේ වෘත්තියට හරියනම විදිහේ සරාගී ඇඳුමක්…..
“කියන්න මම අහන් ඉන්නෙ..” කතාව අහන ‘කතාකාරයා’ නොට් බුක් එක කුරුටුබලි ගෑවා.
“මගේ ඉතිහාසේ දිග අරින්න ආස නෑ මම.. ඒවා ඇත්තටම මොකටද හැබැයි අනිත් ගණිකාවෝ වගේ බොරු හුරතල් කතා නෑ මගේ ළඟ. මම මේ ෆීල්ඩ් එකට ආවේ සෙක්ස් වලට ඇබ්බැහි වෙච්ච නිසා. මගේ පළවැනි එකා දාලා ගියාට පස්සෙ තිබ්බ අසහනය පිට කරන්න මම මට තිබ්බ වටිනාම වස්තුව උගසට තිබ්බා. ඒකට වහ වැටිච්ච සල්ලිකාරයෝ මාව හොයාගෙන ආවා. මම උන්ට නොමිලේ සැප දෙන එක අඩු කළා. අන්තිම අඩුම ගාණ රුපියල් 7000ක් කළා…”
“මම මේ කතාවේ මට හම්බුණු වයසක හාදයා ගැන කියන්නෙ. මම එයාට කිව්වේ සර් කියලා. එයා ගැන චුට්ටක්වත් විස්තර කියන්න මම ආස නෑ. ඒ මොකද ඒක අනිත් අය දැනගන්න එක අවුල්. අනික මිනිහා මගේ හොඳම කස්ටමර් කෙනෙක්. සල්ලිවලින් විතරක් නෙවෙයි, ඊයේ පෙරේදා දවසක මට ඉඩමකුත් අරන් දුන්නා. ඉතින් කොහොමද මම ඒ වගේ මනුස්සයෙක්ව පාවා දෙන්නෙ…”
“සර්ව හම්බුණේ පාර්ටි එකකදි. එදා එයා මං ගැන අහලා තිබුණා තව කෙනෙක්ගෙන්. සර්ට ඕනි වුණා මාව. හැබැයි එක පැයකට, රැයකට නෙවෙයි. සතියකට….. එයා ඩිවෝස් වෙච්ච කෙනෙක්. දරුවෙක් ඉන්නවා ඌත් මගේ වයසේ වගේ ඇති මං හිතන්නේ. මට තියෙන්නෙ එයාගේ නෝනා වෙන්න. ඒක ලේසි නැහැ ඉතින්.. මොකද මිනිහාගේ නීති රෙගුලාසි වැඩියි. ක්ලීන් වෙන්න ඕනි… එකම ඇඳුම අඳින්න බෑ. යට ඇඳුම එයා ආස පාට විතරයි. කොටින්ම මට වෙනම සබන්, ෂැම්පෝ එහෙමත් දුන්නා. ඇඳේදි වුණත් එයා කියන එක අහගෙන එයා ආස දේවල් දෙන්න ඕනි. එයා කිව්වොත් මූණට කෙළ ගහන්න කියලත් ඒකත් කරනවා…”
“අවදානම් කියලා හිතෙනවා තමා. ඒ වුණාට මට මොණරු ඕනෑවට වැඩිය හම්බෙනවා. ඒ නිසා මේක දැන් පුරුදුයි. නීති දානවා වුණත් මට හානි වෙන නීති නෙවෙයිනේ. එයාගේ ටිකක් විතර අසාමාන්‍ය හැසිරීම් තියෙනවා. ඒවා නම් මම ඩෝන්ට් කෙයාර්…”